ලෝකයේ රටවල් ගණනාවක ව්‍යාප්තව ඇති කොරෝනා එන්නතට පවා ප්‍රතිචාර නොදක්වන බව පැවසෙන "ඔමික්‍රෝන්" නව සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනයවූ පුද්ගලයකු මෙරටින් ප්‍රථම වරට හමුවූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර පැවැසීය.
එම ආසාදිතයා දකුණු දිග අප්‍රිකානු කලාපයේ රටක සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයකු බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ පැවසුවේය.
මෙම රෝගියා දැනටමත් නිරෝධායනයට යොමුකර සිටින බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා ඔහුගේ පවුලේ සෙසු සාමාජිකයින් හා ආශ්‍රිතයින් හඳුනා ගනිමින් ඔවුන්ද පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බවත් ප්‍රකාශ කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
