දෙවරක් අසමත් වූ පොහොර තොගය වෙනුවෙන් : ශශීන්ද්‍ර උණුවෙයි !

 දෙවරක් අසමත් වූ පොහොර තොගය වෙනුවෙන් : ශශීන්ද්‍ර උණුවෙයි !

පදනම් විරහිත චෝදනා හේතුවෙන් චීන පොහොර නැව දින් 70ක් තිස්සේ ලංකා මුහුදේ නවතා ඇති බවත්, මේ තත්ත්වය හේතුවෙන් දුකේදීත් සැපේදීත් ළග සිටි චීන මිතුරා මේ වනවිට වරසකයෙන් සිටින බවත් රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ පැවසීය.

අද(26) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ චීනය ඔවුන්ගේ වේදනාව අපට හඩ ගා කියන බවකි.

මේ සදහා පක්ෂ විපක්ෂ මාධ්‍ය වග කිව යුතු බවද ඔහු පැවසීය.

මහින්දානන්ද අලුත්ගමගේ වෙනම මතයක ?

කෙසේ වුවත් පසුගිය අවස්ථා කිහිපයකදි අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කර සිටියේ , පර්‍යේෂණ වලදි දෙවරක් අසමත් වූ මෙකී පොහොර කිසිසේත් මෙරට ගොඩබෑමට අවස්ථාව නොදෙන බවයි.

ඒ වෙනුවට නැවත හැරීගොස් , සාම්පල පරීක්ෂණ වලින් සමත් වියහැකි පොහොර තොග සැපයීම සිදුකළ යුතු බවත් ය.

සාම්පල් පරීක්ෂණයට පෙර LC විවෘත කරලා !

එසේම මේ වන විට පක්ෂ විපක්ෂ සහ මාධ්‍ය අසන පොදු ප්‍රශ්නයක් වී ඇත්තේ , අදාළ පොහොර සාම්පල පරීක්ෂණ කිරීමට පෙර බැංකු ණයකර ලිපි විවෘත කළේ ඇයිද යන්නයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න