බොරතෙල් නෑ : ඉතිහාසයේ පළමු වතාවට සපුගස්කන්ද වහයි ?

 බොරතෙල් නෑ : ඉතිහාසයේ පළමු වතාවට සපුගස්කන්ද වහයි ?

බොරතෙල් නොමැති වීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට (15) සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව ඛනිජ තෙල් වෘත්තීය සමිති නායක ආනන්ද පාලිත පවසයි.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළ අතර බොරතෙල් නොමැති වීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමන පළමු අවස්ථාව මෙය බවත් පැවසීය.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ අද (14) පස්වරුවේ කළ විමසුමකදී පැවසුවේ විශේෂ මාධ්‍ය හමුවක් හෙට (15) පස්වරුවේ පවත්වමින් මේ පිළිබඳව නිලවශයෙන් ප්‍රකාශ කරන බවයි.

පිරිපහදුව වසා දැමීමට හේතුව බොරතෙල් නොමැති වීම බවත් බොතෙල් රැගත් නැවක් ලබන දෙසැම්බර් මස තුන්වැනි සතියේ පැමිණීමට නියමිතව තිබීම නිසා ඒ දක්වා සපුගස්කන්ද පිරිපහදුව වසා දැමීමට සිදුව ඇති බවත් වෘත්තීය සමිති නායකයා කීය.

දෙසැම්බර් මස ළගා වන බොරතෙල් නැවෙන් ලැබෙන බොරතෙල් මෙටි්‍රක්ටොන් 90000 දින 15 කට පමණක් ප්‍රමාණවත් බවත් නැවත ජනවාරි මස මැද බොරතෙල් ලැබීමට නියමිත බවත් එහිදී පැවසීය.

මේ තත්ත්වය යටතේ තෙල් සලාක ක්‍රමයට දීමට සිදුවනු ඇති බවත්, භූමිතෙල් හිගයක් පවා ඇතවීම වැළැක්විය නොහැකි බවත් ඔහු වැඩිදුරටත් මෙසේද කළේය.

වෘත්තීය සමිති නායක ආනන්ද පාලිත මීට පෙර ඉන්ධන හිඟයක් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී අදහස් දැක්වීම නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කිරීමට ලක්විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න