PCR ට එරෙහිව මහින්දානන්ද CID යට !

PCR ට එරෙහිව මහින්දානන්ද CID යට !

ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන නැනෝ නයිට්‍රජන් දියර පොහොරවලින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොමිස් ලබා ගන්නා බවට පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී රණවක මාධ්‍ය හමුවකදී කරන ලද චෝදනාවට එරෙහිව විධිමත් පරික්ෂණයක් සිදු කරන ඉල්ලා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද (10) කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් නිවේදනයක් නිකුත්කර ඇති අතර එහි මෙසේද සඳහන් වෙයි.

විපක්ෂ මන්ත්‍රීවරු විටින් විට අසත්‍ය කරුණු පදනම් කර ගෙන ආණ්ඩුවට චෝදනා කිරීම අසාධාරණ බවත්, තමන් කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කිසිඳු වංචාවකට හෝ කොමිස් ලබා ගැනීමකට සම්බන්ධ නැති බවත්, ඒ නිසා තමා සමිබන්ධයෙන් පාඨලී රණවක මන්ත්‍රීවරයා සිදු කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් සිදු කර ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි බවද කෘෂිකර්ම අමාත්‍යවරයා කීවේය.

“අපි ඉන්දියාවෙන් රැගෙන ආවේ නැනෝ නයිට්‍රජන් දියර පොහොරයි. චම්පික රණවක මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ නැනෝ යුරියා පොහොර අපි ගෙනාවා කියලයි. අපි එහෙම පොහොර ලංකාවට ගෙනල්ලා නෑ. අනෙක මේ පොහොර ගෙන්වන ගණුදෙනුව විනිවිදභාවයෙන් යුතුව අපි සිදු කර තිබෙනවා. ඒ නිසා ඕනෑම කෙනෙකුට ඒ පිළිබඳ තොරතුරු සොයා බලන්න පුළුවන්” යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

PCR ගේ අභියෝගය !

කෙසේ වුවත් මේ ආකාරයට චෝදනාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පසුගියදා පාර්ලිමේන්තුවේදී සඳහන් කළ අතර ඊට එදිනම හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ප්‍රතිචාර දැක්වීය.

ඒ සාධාරණ විමර්ශනයක් සිදුවන්නේ නම් තමන් සතු තොරතුරු ද ලබාදිය හැකි බව පවසමිනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න