එළඹෙන අයවැයෙන් යෝජිත වැටුප (වැටුප් විෂමතාව යෙන් 1/3 කොටස) එකවර ලබාදීමට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී මුදල් අමාත්‍යවරයා එකඟ වී ඇති බව ගුරුසම්ගම් නායකයෝ පවසති.
ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවැති සාකච්ඡාවේදී ඇමැති අනුකමිටුව ඉදිරිපත් කර ඇති වැටුප් වැඩිවීම එකවර ලබාදීමටත් එම වැඩි කිරීම අයවැයෙන් ලබාදීමටත් අග්‍රාමාත්‍යවරයා පොරොන්දු වූ බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසයි.
ගුරු හා විදුහල්පති වෘත්තීය සමති සංධානය ඉල්ලා සිටි ප්‍රධාන ඉල්ලීම එමගින් ඉටුවන බව ද ස්ටාලින් කීය.
කෙසේවෙතත් අයවැයට තවත් දින දෙකක් තිබෙන අතර අද ලබා දුන් පොරොන්දුව අයවැයේදී නිල වශයෙන් ප්‍රකාශ කරන්නේද යන්න ගැන බැලිය යුතු බවයි මහින්ද ජයසිංහ කියා සිටියේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
