අඛණ්ඩව වර්ධනය වෙමින් තිබෙන ඉන්දීය ධීවරයින්ගේ බලපෑම් සම්බන්ධයෙන් විසඳුම් ඉල්ලා අද (17) උතුරේ ධීවරයින් විශාල පිරිසක් මුලතිව් මුහුදු තීරයේ සිට යාපනය පේදුරුතුඩුව මුහුදු තීරය දක්වා මුහුදෙන් ගමන් කරමින් විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.
අද උදෑසන මුලතිව් මුලිලිවයික්කාල් මුහුදු තීරයෙන් පේදුරුතුඩුව දක්වා ධීවරයින් විරෝධතා දක්වමින් බොට්ටු ගමන් ඇරඹු බව වාර්තා වෙයි.
‘අපේ ධීවරයින් ආරක්ෂා කරමු ‘ යන සටන් පාඨය යටතේ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා බලපෑම වහාම නවතන ලෙස ඉල්ලමින් මුලතිව් මුහුදු තීරයෙන් ධීවර බෝට්ටු 50 කට අධික ප්‍රමාණයක් විරෝධතාව සඳහා එක්වු බවත් වාර්තා වෙයි.
එසේම පේදුරුතුඩුවේදී යාපනයේ ධීවරයින්ද විශාල ප්‍රමාණයක් මෙම විරෝධතාවට එක්ව ඇත.
තවද ද්‍රවිඩ ජාතික සන්ධානයේ දේශපාලන නායකයන් , මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
