වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සම්බන්ධයෙන් බරපතළ චෝදනාවක් ඉදිරිපත් කර ලිඛිත දැනුම්දීමක් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් වෙත යොමුකර ඇත.
ඒ පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාවේ අල්ලස් හෝ දූෂණ වරදක් සම්බන්ධයෙන් සිදුකළ පැමිණිල්ලක් පිළිබඳව සාක්ෂිකරුවන් සහ පැමිණිලිකාර පාර්ශ්වය වෙත අගතියක් වන ආකාරයට වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ක්‍රියාකර ඇති බව දැනුම් දෙමිනි.
අදාළ ලිපිය පහත දැක්වෙයි.
අධ්‍යක්ෂක ජනරාල්
අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිෂම
බෞද්ධාලෝක මාවත
කොළඔ 07.
10-16-2021
අධ්‍යක්ෂක ජනරාල්තුමණි,
අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිෂමට කරන ලද පැමිණක් සම්බන්ධව.
රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව විසින් සිදුකරන ලද අල්ලස් හෝ දූෂණ වරදක් සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට හා තවත් කිහිපදෙනෙකුට විරුද්ධව මා විසින් 2021/10/13 වන දින අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.
ඊට දින දෙකකට පසුව එනම් 2021/10/15 දින වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසම වෙත පැමිණ 2021/10/13 වන දින මා විසින් කරන ලද පැමිණිල්ල ස්වාධිනව හා කඩිනමින් විභාග කරන ලෙස ඉල්ලා ලිපියක් භාරදුන් බව මාහට මාධ්‍ය මගින් දැනගැනීමට ලැබුණි.
අදාල ඉල්ලීම කර අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසමෙන් ඔහු ඉවත්ව යන විට මාධ්‍ය අමතා ඔහු විසින් කරන ලද තර්ජනාත්මක හා අපහාසාත්මක ප්‍රකාශ නිසා අදාල පැමිණිල්ල සිදුකල මාහට හා අදාල පැමිණිල්ල සදහා සාක්ෂි ලබාදීමට සිටින පුද්ගලයින්ට හා අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිෂමට ව්‍යාංගාර්ථයෙන් කරන ලද තර්ජනාත්මක හා අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදු කරන ලෙස මෙයින් ඉල්ලා සිටින අතර පැමිණිලිකරුවෙකු වන මාගේ අයිතිවාසිකම් තහවුරු කරන ලෙසද ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
එහිදී ඔහු මෙසේ පවසයි“මුහුණු ආවරණයකින් රුපියල් දෙකක අල්ලසක් ලබා ගත්තා යැයි අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් කර තිබෙනවා. එය ද්වේෂසහගත, අමූලික අසත්‍්‍ය , වෛරී චේතනාවෙන් කරන ලද පැමිණිල්ලක් වශයෙන් පෙන්වා දිය හැකියි. මක්නිසාද යත් මම ලාංකේය නිදහස් අධ්‍යාපනයේ හැඩතලය වෙනස් කරමින් තාක්ෂණවේදය විෂය හඳුන්වා දුන්නා. මෙම තාක්ෂණවේදය විෂය හදාරන උසස්පෙළ දරුවන්ට මාස්පතා ශිෂ්‍යත්වයක් ලබා දීම සඳහා මාගේ පසුගිය උපන්දිනය දා මාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ලක්ෂ සියයක් යොදවමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති නිල සමාරම්භක උත්සවයේදී ප්‍රඥා බන්දු ශිෂ්‍යත්ව අරමුදල ආරම්භ කළා. මෙම ශිෂ්‍යත්ව අරමුදල, මාගේ ඥාතීන් හා අපේ හිතවතුන් විසින් දැක්වූ දායකත්වය මත මේ වන විට ලක්ෂ දෙසීයකට ආසන්න වී තිබෙනවා. එවන් තත්වයක් තුළදී මුහුණු ආවරණයකින් සත පහක්වත් මේ අරමුදලට මේ දක්වා බැර වෙලා නෑ. එසේ තිබියදී ඔහු විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සිදු කර ඇති අපහාසය මට පමණක් නෙවෙයි, මේ අරමුදලේ භාරකරුවන්ට සහ මේ අරමුදලෙන් ප්‍රතිලාභ ලබන්නට සිටින ශිෂ්‍යයන්ටත් සිදු කර ඇති නින්දාවක් වශයෙන් පෙන්වා දිය හැකී. මේ නිසා අපක්ෂපාතී,ස්වාධින හා සාධාරණ ලෙස කඩිනමින් මෙම පරීක්ෂණය සිදු කරන ලෙස ඉල්ලමින් මම අද අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් භාර දුන්නා.”
01.ඉහත ප්‍රකාශය අනුව මගේ පැමිණිල්ල විභාග කිරීමට පෙර එය බොරු පැමිණිල්ලක් බවට වගඋත්තරකරුම ප්‍රකාශ කිරීම හා පැමිණිලිරුකරු බොරුකාරයෙක් බවට වන සිතුවිල්ලක් විමර්ශකයින් තුළ ඇති කිරීම තුළින් පැමිණිලකරුවන මාහට අගතියක් ඇති වී තිබේ.
මාධ්‍ය විසින් ප්‍රචාරය කර ඇති ඔහු විසින් කරන ලද ප්‍රකාශය මේ සමග අමුණා එවමි.
මීට විශ්වාසී,
රංජිත් විතානගේ - සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
