අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරට එරෙහිව විපක්ෂය, විශ්වාසභංග යෝජනාවක් අත්සන් කර ඇත.
මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ නොසන්සුන්තාව හේතුවෙන් ඝාතනය වූ බන්ධනාගාර නිලධාරීන් ගේ මෙන්ම රැඳවියන් ගේ ද ආරක්ෂාව පිළිබඳව සිය වගකීම සහ වගවීම ඉටු නොකිරීමට අපොහොසත් වීම පාදක කරගනිමින් අමාත්‍යවරයාට එරෙහි ව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට විපක්ෂය තීරණය කර ඇත.
එම තීරණය අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවට අද (10) පාර්ලිමේන්තුවේ දී අත්සන් තබා ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
