Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

හංසමාලිටත් කොරෝනා !

කොතලාවල පනතට එරෙහිව අගෝස්තු 03 දින පැවති සාමකාමී විරෝධතාවයට සහභාගීවීමෙන් පසුව අත්අඩංගුවට ගෙන සිරගත කළ කෝෂිලා හංසමාලි Covid19 ආසාදනය වී තිබීම නිසා අඹේපුස්ස ප්‍රතිකාර මධ්‍යස්ථානයට රැගෙන ගොස් ඇත.

මින් පෙර වාර්තා වූ ආකාරයට, මෙම විරෝධතාව නිසා අත්අඩංගුවට ගෙන සිරගත කළ තවත් තිදෙනකුට කෝවිඩ් ආසාදනය වූ බව අනාවරණය විය.

ඒ ඔවුන් අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයේදී කෝවිඩ් ආසාදිත නොමැති බවට තහවුරුවූ පසුබිමකය.

. නමුත් අගෝස්තු 26 දින වාර්තා වූයේ චමීර කොස්වත්ත, වසන්ත මුදලිගේ සහ අමිල සන්දීප කෝවිඩ් ආසාදියන් ලෙස හඳුනාගත් බවය.

ඒ අනුව, ඔවුන් රැඳවුම් භාරයේ පසුවන විට වසංගතයට ගොදුරු වී ඇති බව පැහැදිලිය.