යළිත් වතාවක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරය බාර ගැනීම සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වුවහොත් පුරප්පාඩු වන ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා නම් දෙකක් යෝජනා වී ඇත.
දේශපාලන ආරංචි මාර්ග පවසන ආකාරයට ඒ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ සහ අග්‍රාමාත්‍ය කාර්‍ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ ය.
යෝෂිත රාජපක්ෂ සම්බන්ධ යෝජනාව අග්‍රාමාත්‍යවරයා ගේ පාර්ශවයෙන් ඉදිරිපත් වී ඇති බවත් වාර්තා වෙයි.
කෙසේ වුවත් වැඩිදුරටත් වාර්තා වන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ යළි පත් කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ තීරණය කර ඇති බවය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී වරයෙකු ලෙස ජයන්ත කැටගොඩ පත් කර සිටියද බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තු ඒම සඳහා ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්විය.
මහ බැංකුවේ අධිපති ධුරය භාරගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් පසුගියදා රාජ්‍ය අමාත්‍ය කබ්රාල් ගෙන් ඉල්ලීමක් කර තිබු අතර එහිදී ඔහු කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර තිබු බව ද ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
