“මුස්ලිම්වරු ඉලක්ක කර පහර දුන්නා. පොලිසිය බලන් හිටියා” – ඇමති හකීම්

“මුස්ලිම්වරු ඉලක්ක කර පහර දුන්නා. පොලිසිය බලන් හිටියා” – ඇමති හකීම්

අම්පාර හා මහනුවර දිස්ත්‍රික්කවල ඇතිවූ නොසන්සුන්කාරි තත්ත්වය සිංහල – මුස්ලිම් ගැටුමක් නොවන බවත් එය මුස්ලිම් ජනතාව ඉලක්කර එල්ල කළ ප්‍රචණ්ඩකාරි පහරදීමක් බවත් අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.

ඉන්දියාවේ ද හින්දු පුවත් සේවය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පවසා ඇත.

එසේම මෙහිදී පොලීසිය වගකීම් විරහිතව ක්‍රියා කිරීම හේතුවෙන් ගැටුම දුර දිග ගිය බවත් එසේම බුද්ධි අංශවලටද ඉදිරියට සිදුවීමට යන දේ පිළිබඳව වැටහීමක් නොතිබුණ බවත් ඔහු පවසයි.

දිගනදී ඝාතනය වූ තරුණයාගේ අවසන් කටයුතු සිදුවෙන දිනයේදී යමක් සිදුවීමට ඇති හැකියාව පිළිබඳව තමන් අදාළ අංශ දැනුවත් කළත් එය ඔවුන් පිළිනොගත් බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

theldenia 2 1000px

 කැෆේ සංවිධානයෙන් පැමිණිල්ලක් :

මේ අතර තෙල්දෙණිය සහ දිගන ප්‍රදේශ වල ඇතිවූ කළහකාරී අවස්ථාවලදී පොලිසිය නිසි පරිදි රාජකාරි නොකිරීම පිළිබද වහා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්නැයි කැෆේ සංවිධානය ජාතික පොලිස් කොමිසමෙන් ඉල්ලයි.

තෙල්දෙණිය සහ දිගන ප්‍රදේශවල ඇතිවූ කළහකාරී සිදුවීම් ආරම්භයේදීම පොලිසිය නිසි පරිදි රාජකාරී ඉටු කළේ නම් ඇතිවූ දරුණු තත්වයන් වළක්වා ගත හැකිව තිබූ බව පෙන්වා දෙන කැෆේ සංවිධානය පොලිසිය වගකීම් පැහැරහැරීම පිළිබද අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා පොලිස් කොමිසම වෙත ලිපියක් යොමු කර ඇත.

මෙම කළහකාරී සිදුවීමේ දී පොලිසිය රාජකාරි කළ ආකාරය පිළිබද සෑහිමකට පත් විය නොහැකි බව කැෆේ සංවිධානය මීට ඉහත පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවලදී අවධාරණය කළේය.

සබැඳි පුවත් :
පොලිස් කොමිසමට පොලිසිය ගැන පැමිණිල්ලක්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න