ලසන්ත ඝාතනයේ සාක්ෂි වසංකළ පොලිස් කෙරුමා හෙළිවෙයි

ලසන්ත ඝාතනයේ සාක්ෂි වසංකළ පොලිස් කෙරුමා හෙළිවෙයි

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දිනපොත අස්ථානගත කිරීම සහ පොලිස් වාර්තාවේ පිටු ගැලවීමට හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර අනුබලදී ඇති බවට අද (15) අනාවරණය වූ බව අධිකරණ ආරංචිමාර්ග සඳහන් කරයි.

වාර්තා වන ආකාරයට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින නිලධාරියා අධිකරණය හමුවේ සඳහන් කර ඇත්තේ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දිනපොත අස්ථානගත කිරීම සහ පොලිස් වාර්තාවේ පිටු ගැලවීමට හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර අනුබලදී ඇති බව ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති තිස්සසිරි සුගතපාල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ලබාදුන් ප්‍රකාශයෙන් හෙළිවී ඇති බවයි.

එසේම අදාළ ඝාතන සිදුවීම සම්බන්ධව පීරා පෙර අමාත්‍ය සරත් ෆොන්සේකා සහ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා වෙතින් මෙන්ම යුද හමුදා බුද්ධි 112 බලසේනාවේ යතුරු පැදි අංශයේ සාමාජිකයන් 7 දෙනෙකුගෙන්ද ප්‍රකාශ ලබාගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය දැනුම්දී ඇත.

කෙසේ වෙතත් ලසන්ත ඝාතන සිදුවීම සම්බන්ධව මේ වන විට අත්අඩංගුවට ගෙන සිටින හිටපු ජේෂ්ට නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර සහ ගල්කිස්ස පොලිසියේ අපරාධ අනාශයේ හිටපු ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තිස්සසිරි සුගතපාල යන සැකකරුවන් මාර්තු 29 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝග කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න