පොලිස් කොමිසමට පොලිසිය ගැන පැමිණිල්ලක් !

පොලිස් කොමිසමට පොලිසිය ගැන පැමිණිල්ලක් !

තෙල්දෙණිය සහ දිගන ප්‍රදේශ වල ඇතිවූ කළහකාරී අවස්ථාවලදී පොලිසිය නිසි පරිදි රාජකාරි නොකිරීම පිළිබද වහා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්නැයි කැෆේ සංවිධානය ජාතික පොලිස් කොමිසමෙන් ඉල්ලයි.

තෙල්දෙණිය සහ දිගන ප්‍රදේශවල ඇතිවූ කළහකාරී සිදුවීම් ආරම්භයේදීම පොලිසිය නිසි පරිදි රාජකාරී ඉටු කළේ නම් ඇතිවූ දරුණු තත්වයන් වළක්වා ගත හැකිව තිබූ බව පෙන්වා දෙන කැෆේ සංවිධානය පොලිසිය වගකීම් පැහැරහැරීම පිළිබද අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා පොලිස් කොමිසම වෙත ලිපියක් යොමු කර ඇත.

මෙම කළහකාරී සිදුවීමේ දී පොලිසිය රාජකාරි කළ ආකාරය පිළිබද සෑහිමකට පත් විය නොහැකි බව කැෆේ සංවිධානය මීට ඉහත පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවලදී අවධාරණය කළේය.

ඒ අනුව අද දිනයේදී කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් විසින් මේ පිළිබඳව වන පැමිණිල්ලක් ජාතික පොලිස් කොමිසම වෙත ඉදිරිපත් කළ අතර ඉහත සිදුවීමේදී පොලිසිය ක්‍රියා කල ආකාරය පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා වග කිවයුත්තන් හෙළිවෙයි නම් ඔවුන්ට එරෙහිව පියවරක් ගන්නා ලෙස එමගින් ඉල්ලා ඇත.

කැෆේ සංවිධානය අදහස වන්නේ පිරිස් එක්රැස්වී කළහකාරී ලෙස සාමයට බාධාවන ලෙස හැසිරෙන මුල් අවස්ථාවේදීම පොලිසිය පියවර නොගැනීම නිසා ජීවිත හානි කිහිපයක් සහ විශාල දේපළ හානියක් වාර්තා වූ බවයි.

මේ නිසා මෙම සිදුවීමේදී පොලිසිය ක්‍රියාකළ ආකාරය පිළිබඳව වහා පරීක්ෂණයක් පවත්වන්නැයි කැෆේ සංවිධානය සිය ලිපිය මඟින් පොලිස් කොමිසමෙන් ඉල්ලයි.

 පොලිස් ඇමතිගේ ප්‍රතිචාරය !

ranjith 880

"එක් අවස්ථාවක 2000ක් විතර ඇවිල්ල තියෙනව. පොලිසිය ඉඳල තියෙන්නේ පොඩි පිරිසක්,"

 ප්‍රහාරකයන් මුස්ලිම් පල්ලිවලට සහ ව්‍යාපාරික ස්ථානවලට පහර දෙද්දී අකර්මණ්‍යව සිටි බවට පොලිසියට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ද 'බීබීසී සිංහල සේවය' කල විමසීමකට ප්‍රතිචාරය දැක්වූ පොලිසිය භාර අමාත්‍යවරයා කියා සිටියේ, මේ අවස්ථාවේ අවශ්‍යව තිබෙන්නේ "ප්‍රශ්නෙ වැඩිකරගන්න නෙවෙයි, ප්‍රශ්නෙ පාලනය කරගන්න," බවය.

"දැන් බලන්න මේ ගැටුම්වලින් මරණයට පත්වෙලා තියෙන්නේ දෙන්නයි. ඒ වගේම තුවාල වෙලා තියෙන්නේ 12 දෙනෙකුට විතරයි. එයින් අට දෙනෙක් බෝම්බ සිද්ධියෙන්. ඒ කියන්නේ ගහ ගැනීමක් වෙලා නෑ. පොලිසිය ප්‍රචණ්ඩකාරීන්ට මීට වඩා වෙනස් විදියකට සැලකුව නම් තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න තිබුණ."

පොලිසියට එරෙහිවත් චෝදනා එල්ල වී තිබෙන නමුත් පොලිසිය ප්‍රවේශම් සහගතව කටයුතු කර ඇතැයි පවසන අමාත්‍යවරයා, "එක් අවස්ථාවක 2000ක් විතර ඇවිල්ල තියෙනව. පොලිසිය ඉඳල තියෙන්නේ පොඩි පිරිසක්," බවත් සඳහන් කළේය.

ප්‍රහාරවලින් බරපතල දේපොළ හානියක් සිදු වී ඇති බව පිළිගන්නා අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර පවසන්නේ, එය සිදුකරන ලද්දේ "සංවිධානය වූ කණ්ඩායමක්" බවය.

"හැම තැනම පෙට්‍රල් බෝම්බ ගහල තියෙන්නේ සංවිධානය වෙච්ච කණ්ඩායමක්. යම් දේශපාලනඥයන් මේකට සම්බන්ධ වෙලා තියෙනවා." ඇමතිවරයා වැඩිදුරටත් පැවසිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න