ඥානසාර හිමිගේ සිවුර ගලවන බව කිව් අජිත් එරෙහිව පැමිණිල්ලක්

ඥානසාර හිමිගේ සිවුර ගලවන බව කිව් අජිත් එරෙහිව පැමිණිල්ලක්

මහනුවර කලහකාරී සිද්ධියට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධ බවට මේජර් අජිත් ප්‍රසන්න මහතා විසින් සමාජ මාධ්‍යයට මුදාහැර ඇති වීඩියෝව සම්බන්ධව අගවිනිසුරුවරයාට, පොලිස්පතිවරයාට හා ශ්‍රී ලංකා නීතිඥ සංගමයට අද (15දා) පැමිණිලි කළ බව බොදුබල සේනා සංවිධානය පවසයි.

නීතිඥයෙකු වශයෙන් කටයුතු කරන අජිත් ප්‍රසන්න මහතා අසත්‍ය ප්‍රචාරයක් අදාළ වීඩියෝව මගින් සිදුකරන බවත්, වහාම ඔහුගේ නීතිඥ වෘත්තිය පිළිබඳව තීරණයක් ගතයුතු බවත් අදාළ පැමිණිල්ල මගින් බොදුබල සේනා සංවිධානය ඉල්ලා තිබේ.

ඥානසාර හිමියන් දුටු තැනකදි සිවුර ගලවන බවට අජිත් ප්‍රසන්න මහතා අදාළ වීඩියෝව මගින් තර්ජනය කරන බවත්, මේ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් එම සංවිධානය සඳහන් කරයි

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න