දින 10ක් රට වහලා තේරුමක් නෑ - විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ

 දින 10ක් රට වහලා තේරුමක් නෑ - විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ

කොරෝනා වෛරසයේ බීජෞෂණ සමය පිළිබඳව විද්‍යාත්මකව සලකා බලන විට දින 10ක් රට වැසීම ප්‍රමාණවත් නොවන බවත් වසර 21ක් වසංගත රෝග පාලන ඒකකයේ කටයුතු කළ වෛද්‍යවරුයකු ලෙස තත්ත්වය පාලනය කර ගැනීමට නම් තවත් දින 10ක් ඇඳිරි නීති තත්ත්වය දීර්ඝ කළ යුතු බව තමාගේ අදහස බව වසංගත රෝග ඒකකයේ හිටපු ප්‍රධානී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ පවසයි.

ඔහු පවසන්නේ, තමන්ගේ පමණක් නොව අනෙකුත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතයද එයම බවයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය,

එන්නත්කරණය යනු ගෝලීය වසංගතයට ඇති එකම විසදුම නොවන බවත් මුහුණු ආවරණ පැළඳීම, අත් සේදීම සහ සමාජ දුරස්ථභාවය රැක ගැනීම ආදී මූලික නිරෝධායන ක්‍රියාමාර්ග අනුගමනය කිරීම අනිවාර්යයෙන් සිදු කළ යුතු බවද විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ සඳහන් කළේය.

මේ අතර අවුරුදු 60 වැඩි ජේෂ්ඨ පුරවැසියන් ඇන්ටිජන් පරීක්ෂණ නැවත නැවත කර ගත යුතු බවට කවුරුන් හෝ ජනාධිපතිවරයාට වැරදි උපදෙස් ලබා දී ඇතැයි ද ඔහු සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න