තවත් මරණ 186ක් : දිනක වැඩිම ගණන : 5000ක් නිවෙස්ගත ප්‍රතිකාරයේ !

තවත් මරණ 186ක් : දිනක වැඩිම ගණන : 5000ක් නිවෙස්ගත ප්‍රතිකාරයේ !

තවත් කොරෝනා මරණ 186ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් අද (19) නිවේදනය කර ඇත.

එම මරණ සම්බන්ධ තහවුරුව ඊයේ (18) දිනට අදාලවය.

එය මෙතෙක් දිනකදී වාර්තා කරන ලද වැඩිම මරණ ගණන වන අතර ඒ අතර කාන්තාවන් 75 දෙනෙකු ද පිරිමි පුද්ගලයින් 111 දෙනෙකුද සිටි.

මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 147 දෙනෙකු සිටින අතර වයස අවුරුදු 30ට අඩු පිරිමි පුද්ගලයින් 3 දෙදෙනෙකු සහ එක් කාන්තාවක් ද සිටින බව සෞඛ්‍ය අංශ නිකුත්කළ නිවේදනයේ දැක්වේ

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 6790 දක්වා ඉහල ගොස් ඇත.

එමෙන්ම අද දිනයේ වාර්තා වි ඇති කොරෝනා ආසාදිත ගණන 3793ක් වන අතර එය දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිත ප‍්‍රමාණයයි.

5000ක් නිවෙස් ගතව ප්‍රතිකාරවල !

මේ අතර නිවෙස්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5,000 සීමාවට පැමිණ ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ, ඔවුන් ලියාපදිංචි කිරීමෙන් අනතුරුව මේ නිවෙස්ගතව ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවය.

නිවෙස්වල නිරෝධායනයේ සිටින කොරෝනා ආසාදිතයින්ට, රෝගය උත්සන්න වුවහොත්, ඔවුන් රෝහල් කරා රැගෙන එන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය.

දකුණු පළාත, උතුරු පළාත, සබරගමුව යන පළාත්වල ද නිවෙස් නිරෝධායනය සඳහා කොරෝනා රෝගීන් ලියාපදිංචි කිරීම මේ වනවිට ආරම්භ කර තිබේ.

.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න