සයිබර් තාක්ෂණය භාවිතයෙන් සිදු කෙරෙන වංචා මැඩලීමටත්, දේශසීමා ඉක්මවා ක්‍රියාත්මක වන අපරාධ ජාලවල මෙහෙයුම් අඩපණ කිරීමටත්, ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ සහයෝගීතාව තවදුරටත් පුළුල් කර තිබේ.
ශ්‍රී ලංකා බලධාරීන්ගේ ඉල්ලීමක් මත, ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) චාලට් (Charlotte) ක්ෂේත්‍ර කාර්යාලයට අනුයුක්ත කණ්ඩායමක් නොවැම්බර් 16 සිට 22 දක්වා කොළඹට පැමිණීමට නියමිතය.
මෙරට ක්‍රියාත්මක වන වංචා මධ්‍යස්ථාන සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් සමඟ එම කණ්ඩායම එක්ව කටයුතු කරනු ඇත.
දැනට ක්‍රියාත්මක විමර්ශන සඳහා සහාය වීම, විශේෂිත තාක්ෂණික දැනුම ලබා දීම සහ දේශසීමා ඉක්මවා ක්‍රියාත්මක වන වංචා ජාල හඳුනාගෙන ඒවායේ ක්‍රියාකාරකම් අඩපණ කිරීම සඳහා එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාවේ බලධාරීන්ගේ හැකියාව ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් FBI ආයතනය විසින් විශේෂ කණ්ඩායමක් ස්ථාපිත කර තිබේ.
තාක්ෂණික සහාය සහ ඩිජිටල් සාක්ෂි විශ්ලේෂණය
මෙම සංචාරය අතරතුර, FBI නිලධාරීන් විමර්ශන ක්‍රමවේද, ඩිජිටල් සාක්ෂි විශ්ලේෂණය (Digital Forensics) සහ නඩු විමර්ශන කටයුතු ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල නිලධාරීන් සමඟ එක්ව කටයුතු කිරීමට නියමිතය.
මෙම සහයෝගීතාව මඟින් අන්තර්ජාලය ඔස්සේ සිදු කරන වංචාවලට ගොදුරු වූ පුද්ගලයන් හඳුනා ගැනීමටත්, අපරාධ ක්‍රියාකාරකම්වල ගමන් මඟ සොයා ගැනීමටත්, එම වංචාවලට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව වඩාත් ශක්තිමත් නඩු ගොනු කිරීමටත් විමර්ශකයන්ට සහාය ලැබෙනු ඇත. එමෙන්ම, සයිබර් තාක්ෂණය භාවිතයෙන් සිදුකරන අපරාධ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා භූමිය ප්‍රයෝජනයට ගැනීමෙන් දේශසීමා ඉක්මවා ක්‍රියාත්මක වන අපරාධ ජාල වළක්වාලීමේ ශ්‍රී ලංකාවේ හැකියාව ද මෙම සහයෝගීතාව මඟින් ශක්තිමත් කෙරෙනු ඇත.
මෙම ඒකාබද්ධ වැඩපිළිවෙළ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති එරික් මයර් මෙසේ පැවසීය:
“විදේශ රටවල ක්‍රියාත්මක වන අපරාධ ජාල ඩොලර් බිලියන ගණනක් සොරකම් කරමින් සිටින අතර, එම අපරාධ ජාල නැවැත්වීමට අපි කැපවී සිටිමු.
FBI ආයතනයේ විමර්ශන පිළිබඳ විශේෂඥ දැනුම සහ උසස් තාක්ෂණය ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ එක්ව යොදා ගැනීමෙන්, වංචාවලට ගොදුරු වූ පුද්ගලයන් හඳුනා ගැනීමටත්, අපරාධකරුවන් නීතිය හමුවට ගෙන ඒමටත්, තවත් ඇමරිකානුවන් සහ ශ්‍රී ලාංකිකයන් මෙම වංචාවලට ගොදුරු වීම වැළැක්වීමටත් අපට හැකි වනු ඇත.”
FBI ආයතනය සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කරමින් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව මීට සහයෝගය ලබා දෙයි. මෙම සංචාරය මඟින් විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකා බලධාරීන්ගේ හැකියාවන් තවදුරටත් ශක්තිමත් කිරීම සහ වංචා මධ්‍යස්ථානවල මෙහෙයුම් මැඩපැවැත්වීම අරමුණු කරගනිමින්, FBI ආයතනය ශ්‍රී ලංකා බලධාරීන් සමඟ අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කිරීමේ ආරම්භය සනිටුහන් කෙරේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
