Image

ජාතික චිත්‍රපට සංස්ථාවේ පුරප්පාඩු 23ක් - අයදුම් කළ යුත්තේ කෙසේද?

ජාතික චිත්‍රපට සංස්ථාවේ පුරප්පාඩු 23ක් - අයදුම් කළ යුත්තේ කෙසේද?

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ (National Film Corporation) (කොන්ත්‍රාත් පදනම මත) පවතින පුරප්පාඩු 23ක් සඳහා අයදුම්පත් කැඳවා ඇත.

මෙම රැකියා අවස්ථා සඳහා උනන්දුවක් දක්වන අයදුම්කරුවන්ට පහත විස්තර පරිදි අයදුම් කළ හැකිය.

 

විවෘත කර ඇති තනතුරු සහ අවස්ථා සංඛ්‍යාව

  • සහකාර සාමාන්‍යාධිකාරී (පාලන හා මානව සම්පත්) - 01
  • සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි, නිෂ්පාදන හා පර්යේෂණ) - 01
  • කළමනාකරණ සහකාර - 07
  • කළමනාකරණ සහකාර (තාක්ෂණ) - 02
  • සංවර්ධන සහකාර - 02
  • චිත්‍රපට ප්‍රතිසංස්කරණ සහායක - 02
  • රියදුරු - 02
  • අභ්‍යන්තර විගණක - 01
  • සැපයුම් හා වෙළඳුම් නිලධාරී - 01
  • ගිණුම් නිලධාරී (ආදායම්) - 01
  • ශබ්ද හා සංස්කරණ නිලධාරී - 01
  • පරිගණක තාක්ෂණ ශිල්පී - 01
  • කාර්යාල කාර්ය සහායක - 01

 

අයදුම් කිරීමේ කොන්දේසි හා උපදෙස්

සුදුසුකම් සහ අයදුම්පත්‍ර: අදාළ තනතුරු සඳහා වන සවිස්තරාත්මක සුදුසුකම් සහ නිල අයදුම්පත්‍රය සංස්ථාවේ නිල වෙබ් අඩවිය වන www.nfc.gov.lk හරහා ලබාගත හැක.

කාලසීමාව: දැන්වීම පළ වූ දින සිට වැඩ කරන දින 14ක් ඇතුළත අයදුම්පත් එවිය යුතුය.

යැවිය යුතු ලිපිනය: සම්පූර්ණ කරන ලද අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙන් පහත ලිපිනයට එවිය යුතුය:

සභාපති,

ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව,

නො. 303, බෞද්ධාලෝක මාවත,

කොළඹ 07.

 

විශේෂ සටහන්:

කවරයේ වම් ඉහළ කෙළවරේ තනතුර පැහැදිලිව සඳහන් කළ යුතුය.

ඔබ තනතුරු කිහිපයක් සඳහා අයදුම් කරන්නේ නම්, එක් එක් තනතුර සඳහා වෙන් වෙන් වශයෙන් අයදුම්පත් යැවිය යුතුය

දැනට රජයේ ආයතනවල සේවය නියුතු අයදුම්කරුවන් තම අයදුම්පත් අදාළ ආයතන ප්‍රධානියාගේ නිර්දේශය සමඟ යොමු කළ යුතුය.

           

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න