Image

"සිනහව පිටුපස ඇති කතාව" Mental Health Walk - 2026 ගාල්ලේදී සාර්ථකව අවසන්! (ඡායාරූප)

"සිනහව පිටුපස ඇති කතාව" Mental Health Walk - 2026 ගාල්ලේදී සාර්ථකව අවසන්! (ඡායාරූප)

ගාල්ල ජාතික රෝහලේ මානසික සෞඛ්‍ය ඒකකය විසින් ලෝක මානසික සෞඛ්‍ය දිනයට සමගාමීව "සිනහව පිටුපස ඇති කතාව" (Story Behind the Smile)යන ප්‍රධාන තේමාව යටතේ සංවිධානය කළ "Mental Health Walk - 2026" දැනුවත් කිරීමේ පාගමන ඊයේ (16) ගාල්ල නගරයේදී සාර්ථකව පැවැත්වුණි.

වැඩිහිටි අවධානය අඩු වීමේ සහ අධි ක්‍රියාකාරීත්වයේ රෝගය (Adult ADHD), කාන්තා මානසික සෞඛ්‍යය, ළමා මානසික සෞඛ්‍යය මෙන්ම සයිකෝසියානු (Psychosis) රෝග තත්ත්වයන් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම මෙම පාගමනේ මූලික අරමුණ විය.

ගාල්ල මහමෝදර රෝහලෙන් ආරම්භ වූ මෙම පාගමන කළුවැල්ල හන්දිය, බස් නැවතුම්පොළ ඉදිරිපිට, පොලිසිය සහ කොටුව ප්‍රධාන දොරටුව ඉදිරිපිට, සමනල ක්‍රීඩාංගණය සහ දුම්රිය ස්ථානය හරහා ගමන් කර ධර්මාපාල උද්‍යානය අසලින් අවසන් විය.

මෙම දැනුවත් කිරීමේ පාගමන සඳහා විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, වෛද්‍ය හා හෙද සිසු සිසුවියන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් සහ ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

 

910661676 1696640132017727 8576165958598304300 n

910369745 1696639955351078 8352808729587369145 n

911792921 1696640012017739 4905337542869342564 n

910060157 1696639975351076 101933301551436496 n

907455231 1696639858684421 6769467327805881052 n

907570714 1696640072017733 8062996521442425809 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න