කොරෝනා පාලනය වෙනුවට : කොරෝනාවෙන් පාලනය ගෙනියන්න හදන්නේ - රවී කුමුදේශ්

කොරෝනා පාලනය වෙනුවට : කොරෝනාවෙන් පාලනය ගෙනියන්න හදන්නේ - රවී කුමුදේශ්

ගුරු විදුහල්පති වැටුප් අරගලය සාධාරණ බව රජය විසින්ම පිළිගෙන ඇති තත්වයක් හමුවේ ඊට විසදුම් නොදෙමින් කොරෝනාවෙන් ගොඩයන්න උත්සාහ කිරීම බරපතල වරදක් බව වැඩකරන ජන බලය සංවිධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් පවසයි.

ගුරු විදුහල්පති ඉල්ලීම්වලට නිශ්චිත විසදුම් ලබා දීම ප්‍රමාද කිරීම හේතුවෙන් අනවශ්‍ය උද්ඝෝෂණ ගනනාවක් ඇතිව තිබෙන බවත් ඔහු පෙන්වාදෙයි.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් වැඩ කරන ජන බලය සංවිධානයේ කැඳවුම්කරු මේ අදහස් දැක්වූ අතර මේ වන විට කොවිඩ් වසංගතයේ ශීඝ්‍ර පැතිරීම ගුරු විදුහල් පති අරගලය හා අනෙකුත් උද්ඝෝෂණ මත පටවා, කොවිඩ් මර්ධනයේ තීරණ වල වැරදි වසා ගැනීමට ඇතැම් පාර්ශව උත්සහ ගනු ලැබුවද , තවම අප සිටින්නේ රට තුල මතුවූ තුන්වෙනි රැල්ල පාලනය කර ගැනීමට නොහැකිව බවද සිහි තබා ගත යුතු බවත් පැවසීය.

පසුගිය මාස තුල උද්ඝෝෂණ 150ක් පමණ සිදු වී ඇති බවත්, එමගින් වර්තමාන කොවිඩ් ව්‍යාප්තිය සිදු වී ඇති, අපරාධ විමර්ෂණ ඒකකය වාර්ථා කර ඇති බවට ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර ඇති අතර, උද්ඝෝෂණ ප්‍රමාණය සෙවීමේ හැකියාව තිබූ පමණින්, වසංගතයේ පැතිරීම පිළිබද තීරණයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපා‍ර්තුමේන්තුව විසින් තීන්දු කරනු ලැබුවේ කෙසේද යන්න, විද්‍යාත්මක ප්‍රෙහේලිකාවක් බවත් ඔහු පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න