තවත් මරණ 98ක් : කොරෝනා ආසාදිතයින් 2,792 ක්: පානදුර,නාගොඩ රෝහල්වලත් මළසිරුරු ගොඩ ගැසේ

තවත් මරණ 98ක් : කොරෝනා ආසාදිතයින් 2,792 ක්: පානදුර,නාගොඩ රෝහල්වලත් මළසිරුරු ගොඩ ගැසේ

කොවිඩ් ආසාදිතවූ තවත් 98 දෙනකු ඊයේ (5) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (6) තහවුරු කළේය.

මියගිය අය අතර පිරිමි අය 54 දෙනෙක් සහ කාන්තාවෝ 44 දෙනෙක් වෙති.

ඒ අනුව මේ දක්වා මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,919ක් දක්වා ඉහළගොස් ඇත.

මියගිය අයගෙන් 70 දෙනකු වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 27 දෙනෙක් සහ වයස අවුරුදු 30ට අඩු එක් අයෙක්ද වෙති.

කොරෝනා ආසාදිතයින් 2,792 ක්

මේ අතර, මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 882 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි, කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඒ අනුව අද (6) දිනයේ මේ දක්වා මෙරටින් හඳුනා ගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,792 දක්වා ඉහළ යනු ඇති.

අද දිනයේ මීට පෙර හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,910 කි.

පානදුර මහ රෝහලේ හා නාගොඩ රෝහලේ මෘතශරිරාගාරය (මෝචරිය) තුල ද මේවනවිට කෝවිඩ් 19 ආසාදනයෙන් මියගිය පුද්ගලයින්ගේ සිරුරු ගොඩගසා ඇතැයි රෝහල් ආරංචිමාර්ග පවසයි.

පානදුර හා නාගොඩ රෝහල්වලත් මළසිරුරු ගොඩ ගැසේ

පානදුර රෝහල් මොචරියේ එකවර මළසිරුරු 12ක් පමණක් තැම්පත් කිරීමට ඉඩකඩ ප්‍රමාණවත් වුවද මේවනවිට මළසිරුරු 37 ක් ගොඩගසා ඇතයි ද ඉහත ආරංචිමාර්ග කියා සිටියි.

ඇතැම් මෘතදේහයන් බාර ගැනීමට කිසිවකු හෝ මේ දක්වා ඉදිරිපත්ව නොමැත්තේ එසේ මියගිය පුද්ගලයින්ගේ පවුලේ ඥාතින්ද කෝවිඩ් ආසාදනය වීමෙන් රෝහල්ගතකර ඇති නිසා බව පැවසේ.

කෝවිඩ් අසාදනයෙන් මියගිය පුද්ගලයින්ගේ දේහයන් ආදාහනය කිරීම සඳහා ප්‍රදේශයේ ආදාහනාගාර පැය 24 තුලම විවෘතව තැබීමට කටයුතු කර ඇතැයි ද වාර්තාවේ.

ඒ සම්බන්ධයෙන් 'ද ලීඩර්' කල විමසීමක දී පානදුර මහ නගර සභාවේ සභාපති නන්දන ගුණතිලක පැවසා ඇත්තේ , තත්ත්වය දවසින් දවස බරපතල වෙමින් පවතින බවයි.

පානදුර රෝහල තුල කෝවිඩ් මළසිරුරු විශාල ප්‍රමාණයක් තිබෙන බව තහවුරුකර සිටි නගරාධිපතිවරයා, එම තත්ත්වය තුල පානදුර ආදාහනාගාර රාත්‍රී 9.00 හා රාත්‍රී 12.00 වශයෙන් දේහයන් ආදාහනය කිරීමට සැලසුම්කර ඇතැයි ද ඔහු පවසා  ඇත. 

Panadura H 1

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න