‘ඉදිරි මාස තුන ඇතුලත ඇමරිකානු ඩොලර් බිලියන 2.65 ක මුදලක් රටට ගලා තුලට ගලා ඒමට නියමිත බවට මුදල් රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් සිදු කර ඇති ප්‍රකාශය අතිශයින් නොමඟ යවන සුළු බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.
ඇමරිකානු ඩොලර් බිලියන එකක් විදේශ ණය වාරිකය සාර්ථකව පියවීම පිළිබඳ කරුණු දක්වමින් මුදල් රාජ්‍ය ඇමති ‘රටට රවටන ප්‍රකාශයක් සිදු කර ඇත‘. ඒවා මෙසේය.
ඉන්දීය රජය මෙයට පෙර ඩොලර් මිලියන 400 ක අතමාරුවක් ලංකාවට ලබා දී තිබුණි. ණය නියමිත දින ට පියවනු ලැබීය. සාක් සහයෝගිතා වැඩසටහන යටතේ ඉන්දියා ලබා දෙන මෙම පහසුකම පියවා මාස හයකින් නැවත අයඳුම් කළ හැක. පසුගිය අස්ථාවේ දී ඉන්දියාව මෙම අතමාරුව ‘කෙටි කාලීන සහනයක් පමණක් බවත් රජය ‘අන්තර් ජාතික මුල්‍ය අරමුදල‘ සමඟ දිගු කාලීන ණය වැඩපිළිවෙලකට යා යුතු බවත් ප්‍රකාශ කළේය. මෙම අතමාරුව ලැබෙන්නේ නැත. ලැබුණත් මාස 3- 6කින් පියවිය යුතුය. රටේ ඩොලර් හිඟයට එය දිගු කාලීන විසඳුමක් වන්නේ නැත.
අගමැති මහින්ද රාජපක්ෂ මහතාට 2021 ජූනි අවසන් සතියේ බංගලිදේශ අගමැතිවරිය විසින් ඩොලර් මිලියන 250 ක ණය එකතාවක් පළ කර ඇත. ජාත්‍යන්තර ආයතන ලංකාවට ණය ලබාදීමේ අවදානම පිළිබඳ වාර්තා පළවීමත් සමඟ ශ්‍රී ලංකා මහ බැංකුවේ විමසීම් සඳහා දැන් බංගලිදේශයේ නිලධාරීන් පිළිතුරු සැපයීම හෝ සිදු කරන්නේ නැත. මුලික එකඟතාවයෙන් මාසයක් ගත වී ඇති නමුත් තවම මුලික ලේඛන හෝ සකස් කර නැත. මෙම මුදල නොලැබීමට ඇති විභවය ද විශාලය.
චීන සංවර්ධන බැංකුව මගින් ලබාගැනීමට යෝජිත ඩොලර් මිලියන 300 ක ණය මුදල මෙරටට ලැබීමට හැකියාවක් ඇත. (ලංකාවේ මුළු විදේශ ණය ඩෙලර් බිලියන 35. 1 කි. ඉන් 10% දැනට චීනයටය.)
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ Special Drawing Rights පහසුකම් සුදුසුකම් ඇති සෑම රාජ්‍යයකට ලබා ගත හැකිය. නමුත් එ් මුදල් ඩොලර්, යුරෝ, යෙන්, යුවාන් ආදී මුදල් ඒකක රැසක් කොටස් වශයෙන් ලැබෙන්නකි. සාමාන්‍ය තත්වය යටතේ ඇමරිකානු ෆෙඩරල් සංචිතය වෙනත් රටවල මුදල් ඒකකය SDR මුදල් ඩොලර් බවට පරිවර්තනය වන්නේ නැත. එබැවින් ඩොලර් හිඟයට එයින් ලැබෙන ප්‍රාණය සීමිත විය හැකිය. නමුත් රටක් වශයෙන් බලාපොරොත්තු සහගත කරුණ මෙම මුදල් අනිවාර්යෙන්ම රටට ලැබීම ය.
ඩොලර් මිලියන ට200 ක මුදලක් ලංකාවේ ෆොක්සි ආයතන (බැංකු) හරහා මහ බැංකුවට ලබා ගැනීම.
දේශීය විදේශ විනිමය විවෘත වෙළෙඳපොළෙන් මිලදී ගැනීමට ඇමතිවරයා යෝජනා කරයි. නමුත්, රටේ ණයවර ලිපි විවෘත කරන්නට ඩොලර් නැත. එසේ තිබිය දී වෙළෙඳපොලේ ඇති ඩොලර් මහ බැංකුව ලබා ගන්නේ නම්, උද්ධමනය රොකට් ගත වනු ඇත.
හැටන් නැෂනල්, කොමෂල්, සම්පත්, මහජන හා ලංකා බැංකු පහ සතුව ඩොලර් මිලියන 300 ක අයි.එස්.බී. ප්‍රමාණයක් ඇතැයි උපකල්පනය කෙරේ. රාජ්‍ය බැංකු දෙකේ ඩොලර් මහ බැංකුවට ගත හැකිය. නමුත් සම්පත්, එච්එන්බී, කොමර්ෂල් බැංකුවල ඩොලර් ආයෝජනය එම බැංකු කළමනාකරණයේ තීරණයක් මිස ආණ්ඩුවේ වැඩක් නොවේ.
ග්‍රීසිය CCC ශ්‍රේණිගත තත්වයේ සිටිය දී, එවකට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ලංකා මුදල් ‘ග්‍රීක බැදුම්කර ආයෝජන‘ සිදු කළේය. මේ අදහස ක්‍රියාත්මක වන්නට නම් අජිත් නිවාඩ් කබ්රාල් පන්නයේ නිලධාරීන් උක්ත බැංකු කළමනාකරණය කළ යුතුය.
ඉහත යථාර්ථයන් හා ගැලපීමේ දී මාස තුනක් තුල ඩොලර් බිලියන 2.65 ක කබ්රාල් සිහිනය ‘අගෝස්තු ගිම්හානයට පෙනෙන‘ සිහිනයකි. මෙතරම් මුදලක් ලැබෙන බව ස්ථිර නම් පෙහොර, ඖෂධ, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය දේ ගෙන්වන්නට ආණ්ඩුව විනිමය නිදහස් නොකරන්නේ ඇයි ද? යන්න පැහැදිලි කිරීම ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ගේ වගකීමකි.
චීන සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 300 ලැබීමට ඉඩ ඇත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් මිලියන 800 නම් ලැබෙන බව ස්ථිර ය. එහි එකතුව ඩොලර් බිලියන 1.2 ක් මිස බිලියන 2.65 ක් නම් නොවේ.
චීනයෙන් ඩොලර් බිලියන 1.5 ක ණයක් ලබා ගැනීම ඇත්තක් නොවේ. මේ පහසුකම යටතේ චීනයෙන් (චීන යුවාන් මුදලින්) භාණ්ඩ ගැනීමට හැකියාව ඇත. නමුත් එමගින් ඩොලර් ගණුදෙනු කළ නොහැකි කොන්දේසියක් වේ. මේ කොන්දේසිය ඉවත් කර ගැනීමට මහ බැංකුව උත්සහ කළේය. සියළු රාජ්‍ය පිළිවෙත් නොතකා මහ බැංකු අධිපති, තානාපති කාර්යාලයට ගොස් චීන තානාපති හමුවී ද ඇත. (මහ බැංකු අධිපතිවරුන් සාමාන්‍යයෙන් තානාපතිවරු හමුවීමට යන්නේ නැත. මහ බැංකු අධිපතිවරයාගේ ආරාධයක් පිළිගැනීම රාජ්‍ය තාන්ත්‍රික ව්‍යවහාරය යි) මේ හමුවේ දී, චීන තානාපතිවරයා උක්ත ණය මුදල සම්බන්ධ ඉහතින් දැක්වූ කොන්දේසි වෙනස් කිරීමට නොහැකි බව ප්‍රකාශ කර තිබුණි. මහ බැංකු අධිපති එය නිලධාරීන්ට සන්නිවේදනය කොට තිබුණි.
හම්බන්තොට වරාය, කොළඹ පෝට් සිටි ගිවිසුම අත්සන් ගැනීමට ආසන්නයේ දී පමණක් ණය දුන් බව ද අපට නම් අමතක නැත. චීන ණය සමඟ එන ගණුදෙණුව කුමක්ද යන්න අවදියෙන් සිටීම විප්ක්ෂයේ ද, සිවිල් ක්‍රියාකාරීකයින්ගේ ද වගකීමකි.
මාස 3 සහ මාස 6 කාලයට රාජ්‍යයන් හා ජාත්‍යන්තර ආයතනයන් ගෙන් ලැබෙන අතමාරු ලංකාවේ ඩොලර් අර්බුදයට විසඳුමක් වන්නේ නැත. ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර පැහැදිලි හා නිරවුල්ව පවසන්නේ ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහන ලබා ගන්නට සුදානම් නැති බවයි.
මාස 3 කින් ඩොලර් බිලියන 2.6 ක කතාව දවල් හීනයකි. ප්‍රශ්නය ඇත්තේ ‘අගෝස්තු ගිම්හානයේ සිහින‘ සැප්තෑම්බර් මහ වැස්සට සේ දී යාම ය.
රජිත් කීර්ති තෙන්කෝන්
හිටපු දකුණු පළාත් ආණ්ඩුකාර
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
