මැතිවරණ දේශපාලනයෙන් සමුගෙන සිටින හිටපු අමාත්‍ය මංගල සමරවීර 'සැබෑ දේශප්‍රේමියෝ' නමින් මතවාදීමය දේශපාලන ව්‍යාපෘතියක් ජුලි 25 දා ඉරිදා එළිදැක්වීමට කටයුතු යොදා ඇත.
රට ගොඩනැගීමේ අරමුණින් යුතුව 'සැබෑ දේශප්‍රේමියෝ' හරහා මංගල, රැඩිකල් මැද මාවතක් යෝජනා කර සිටියි.
අනාගතයේ රට බාර ගැනීමට සිටින තරුණ ප්‍රජාව මතවාදීමය වශයෙන් සන්නද්ධ කිරීම සඳහා ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය තරුණ තරුණියන්ගේ මුලිකත්වයෙන් යුතුව ක්‍රියාත්මක වීමට නියමිත බව එහි සංවිධායකවරියක් ලීඩර් වෙබ් අඩවියට පවසා ඇත.
මෙම දේශපාලන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා වූ පළමු මාධ්‍ය හමුව ජුලි 25 ඉරිදා කොළඹ ටී.බී. ජායා මාවතේ පිහිටි 'ෆ්‍රීඩම් හබ්' හි දී පැවැත් වීමට නියමිතය.
එම මාධ්‍ය හමුව True Patriot සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සජීවී ලෙස විකාශය කිරීමට කටයුතු යොදා ඇතැයි 'ෆ්‍රීඩම් හබ්' ප්‍රධාන සම්බන්ධිකාරක කෙශාල් ජයසිංහ 'ද ලීඩර්' වෙත පවසා තිබේ.
'සැබෑ දේශප්‍රේමියෝ' නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට මිට මාස කිහිපයකට ඉහතදී සැලසුම් කර තිබුනද කෝවිඩ් 19 වසංගත තත්වය හමුවේ එය දිනෙන්දින කල්දැමීමට සිදුවූ බව පැවසු කෙශාල් ජයසිංහ, ඉරිදා පැවැත්වෙන මාධ්‍ය හමුව නිරෝධායන නීති අකුරටම ක්‍රියාත්මක කරමින් මාධ්‍යවේදීන් සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි වැඩි දුරටත් කියා ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
