ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවෙන් ඉවත් වීමට කිසිසේත්ම සූදානමක නැතැයි අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
එවන්නක් කලහොත් එය විපක්‍ෂයට වාසියක් වන නිසා ඒ සදහා කිසිදු බලාපොරොත්තුවක් නැතැයිද ඔහු පවසා ඇත.
එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.
‘රෑට නාලිකාවෙ දාගන්න කතා කරන කට්ටිය ඉන්නවානෙ ඉතිං. ඒකට අපි කලබල වෙන්නෙ නෑ. අපි මේ කිසිසේත් බලාපොරොත්තු වෙන්නෙ නැහැ හෙට එළියට බැහැලා විපක්ෂ නායකවරයා ශක්තිමත් කරගෙන පාර්ලිමේන්තුවේ එයාගෙ යටතේ ඉන්න අපේ වුවමනාවක් නැහැ. විපක්ෂයට වාසිවෙන කිසිම තීන්දුවක් අපි ගන්නෙ නැහැ. ඒක ඉතාමත් පැහැදිලියි’
කෙසේ වුවත් මෙහිදී රෑට නාලිකාවේ දාගන්න කතාකරන කට්ටිය ලෙස අමාත්‍යවරයා කියන්නේ කවුදැයි සඳහන් නැත.
පසුගිය දින වල නම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සහ මන්ත්‍රී චන්දිම වීරක්කොඩි ඇතුළු ශ්‍රීලනිප කිහිපදෙනෙකුම ආණ්ඩුවට විරුද්ධව අදහස් දක්වනු දකින්නට ලැබිණ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
