අයුර්වේද පනත සංශෝධනයට අවධානය

අයුර්වේද පනත සංශෝධනයට අවධානය

ගරු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි හා දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය, නීතිඥ සිසිර ජයකොඩි  අතර විශේෂ සාකච්ඡාවක් අද (14) දින පෙරවරුවේදී අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණ.

එහිදී ආයර්වේද පනතේ ප්‍රතිපාදනයන්ට අනුකූල වූ නීති සංග්‍රහය බලාත්මක කර ගැනීම සඳහා වූ මූලික කථිකාවතක් පැවැත්වූ අතර එය බලාත්මක කිරීම අධියර තුනක් යටතේ ක්‍රියාත්මක කිරීමට අදහස් කරයි.

එහි පළමු අධියර ලෙස ඖෂධ හා ඖෂධ නිෂ්පාදනය නියාමනය සදහා වන රෙගුලාසි පැනවීම පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්අධිකරණ අමාත්‍යතුමා සඳහන් කලේ අදාල පනත බලාත්මක කිරීමේදී ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් උපදෙස් හා නිර්දේශයන් ලබාගෙන ඊට අනුකූලව මෙම සංශෝධන ක්‍රියාවලිය සිදු කිරීම වඩා ප්‍රායෝගික බවයි.

මෙම අවස්ථාවට ගරු සිසිර ජයකොඩිගේ පෞද්ගලික ලේකම් ගයා කාංචන, අධිකරණ අමාත්‍යතුමාගේ සම්බන්ධිකරණ ලේකම් නීතිඥ නලින් සමරකොන්, වෛද්‍ය එස්.කේ.පී .තරංග, දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශයේ නීති නිලධාරී සංජීවනි කබ්රාල් යන අය සහභාගී විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න