තෙල් මිල තීන්දුව මුදල් අමාත්‍යාංශයේ : මිල ඉහළ දාන්න මට පිස්සු නෑ - ගම්මන්පිල

තෙල් මිල තීන්දුව මුදල් අමාත්‍යාංශයේ : මිල ඉහළ දාන්න මට පිස්සු නෑ - ගම්මන්පිල

තෙල් මිල ගනන් ඉහළ දැමීම නිසි ක්‍රමවේදයට අනුව ඇමැති අනුකමිටුවේද අනුමැතිය ඇතිව සිදු කළ බවත් තමාට තනියම තෙල් මිල ගනන් වැඩි කිරීමට තරම් පිස්සුවක් නැති බවද බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මාධ්‍යයට ප්‍රකාශයක් කර තිබේ.

තෙල් මිල වැඩි කිරීමේ වගකීම විෂය භාර අමාත්‍යවරයා වන උදය ගම්මන්පිල විසින් භාර ගෙන ඔහු බලශක්ති අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවට පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර  කාරියවසම් විසින් නිකුත් කළ නිවේදනයට ප්‍රතිචාර දක්වමින්  ගම්මන්පිල ඇමතිවරයා මෙම අදහස් පළ කර ඇත.

තෙල් මිල ගණන් ඉහළ දැමීමේ තීරණය මහා භාණ්ඩාගාරය විසින් අනුමත කොට තිබෙන බවත් තෙල් මිල වැඩි කිරීමේ තීරණය මෙන්ම එම තීරණය ක්‍රියාත්මක කලයුතු දිනය පවා තමන්ට ලබා දුන්නේ මුදල් අමාත්‍යංශයෙන් බවද ගම්මන්පිල අමාත්‍යවරයා පවසයි.

එම විෂය භාර අමාත්‍යවරයා වන්නේ මුදල් අමාත්‍යවරයා බවද මේ සියලු දේවල් පිළිබඳ තොරතුරු අද (13) මාධ්‍ය හමුවක් තබමින් රටට හෙළිදරව් කරන බවද අමාත්‍යවරයා පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න