නමට "ලොක්ඩවුන්" නොවුණත් දැඩි සංචරණ සීමා පනවා ඇති පසුබිමේ අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය විසින් විහිළු සහගත මාධ්‍ය නිවේදනයක් නිකුත්කර ඇත.
ඒ " වෙසක් උත්සවය නිමිත්තෙන් හෙට සහ අනිද්දා සුරාසැල් හා මස් මාංශ අලෙවි සැල් වසා දමන්නැයි අග්‍රාමාත්‍යතුමා නියෝග කරයි" යන ශීර්ෂයෙන් යුතුව අද (25) නිකුත්කර ඇති නිවේදනයයි.
එයින් පෙන්නුම් කරන්නේ මේ නියමය නැත්නම් හෙට (26) , (27) සුරාසැල් විවෘතව තිබෙන බවද නැත්නම් මේ දිනවලට අදාළව සංචරණ සීමා පනවා සියල්ල වසා දමා ඇති බවට අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නොදන්නා බවද යන ප්රශ්නය මතුවෙයි. නමුත් එය එසේ විය නොහැක. අවම වශයෙන් මේ නිවේදනයට සුරාසැල් අදාළ වූයේ කෙසේද යන්න පැහැදිළි නැත. සියල්ලට වඩා මේ දින කිහිපය මිනිසුන් නිවසින් සාමාන්‍ය ලෙස බැහැරවන දින ද නොවේය.
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට ගේ අත්සනින් නිකුත්කළ එම නිවේදනය පහත දැක්වෙයි.


