Image

කවර වස්ත්‍රයෙන් වැසුවත් සලිතය පිරිමි ඇඟ

කවර වස්ත්‍රයෙන් වැසුවත් සලිතය පිරිමි ඇඟ

හිමියනි,

වටාපත

තබා ගනු මැනව සීරුවෙන්

ඇවැසි විට වසා ගත හැකි ය

මුහුණ බරවෙන විළියෙන්

ලහු ඇවැත්‍ යැයි සලකා

නොසැලකුවා වත් දැයි නොදනිම්

එලොවත් මෙලොවත් සුගතගාමී පිණිස

ඇස් මස් දන්දුන්නා යැයි

පිං පොත් පෙරළුවා වත් දැයි නොදනිම්

කුඩා කළ සිට නම්මා නොගතහොත්

ස්ත්‍රීහු නම් රැකීම නම් බොරු යැ

සෑම නදියක් ම වක් සේ

චපල නොවනා ගෑනු කොහි දෑ

ජාතක පොත් වහන්සේ පෙරළා

පරණ කතාවක්

අලුත් කළාවත් දැ නොදනිම්

කවර වස්ත්‍රයෙන් වැසුවත්

 සලිතය පිරිමි ඇඟ

වළක්වනු නොහැකි යැ

ආරා තල් මල් සේ

වැඩෙනා ළඳරු ස්ත්‍රී රූ

පිරිමි ඇස් පිනවීම

උන්ගෙම වැරැද්දක් යැ

අලුත් බණ පදයක්

වැමෑරුවවත් දැ නොදනිම්

Rasika Muhandiramge

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න