Image

හේමරතන සම්බන්ධයෙන් ගත යුතු උපායමාර්ගය කුමක්ද?

හේමරතන සම්බන්ධයෙන් ගත යුතු උපායමාර්ගය කුමක්ද?

පල්ලේගම හේමරතන ගැන මා කරනා මැදිහත්වීම් සම්බන්ධයෙන් ආණ්ඩු විරෝධී හිතවතුන් සතුටට පත්ව තිබේ. අවාසනාවට මට කියන්න තිබෙන්නේ ඔවුන් ගේ සතුට මායාවක් බව පමණි. මා මේ නිසා ආණ්ඩුව අත්හැරීමට සූදානම් වන්නේ නැත. සත්‍ය වශයෙන්ම මේ ආණ්ඩුව නොමැති වූවා නම් මෙවැනි නඩුවක් හෝ හේමරතනට වැටෙන්නේ නැත. ඔහු වෙනුවෙන් පෙනී සිටින බලවේග මේ ආණ්ඩුව පමණක් නොවන බව ඉතාම පැහැදිලි වෙයි. එය මේ ආණ්ඩුව ඉක්මවූ දැවැන්ත සමාජ ක්‍රමයකි. ඓතිහාසික හවුලකි. මේ සම්බන්ධයෙන් ඔබ සාමාන්‍යයෙන් තොරතුරු ගන්නා ප්‍රවෘත්ති වෙබ්අඩවි අදාළ නොවන ආකාරය බලන්න. මෙය කෙතරම් ආශ්චාර්යයක්ද?

ආණ්ඩුවට මෙය ඉතාම අපහසු තීරණයක් බව පැහැදිලි වන්නේ මේවා සලකා බලන විටයි. මෙයට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කරනවා යනු මහනායකලා වැනි බලවත් චරිත ආණ්ඩුව සමග අමනාප වනවා යන්නයි. එම නිසා ඔවුන් මේ ආණ්ඩුව වෙනුවට වෙන බලවේගයකට වැඩි කැමැත්ත දැක්වීමේ අනතුරක් තිබේ. මේවා පහසු තීරණ නොවේ.

මින් අදහස් වන්නේ එම නිසා අප හේමරතනගේ නඩුව යටගැසිය යුතු බව නොවේ. කිසිසේත් එය නොකළ යුතුය. ඒ වෙනුවට මගේ යෝජනාව වන්නේ මෙයට නීතිය ක්‍රියාත්මක කිරීමට ජනතා මතය පෙනී සිටිනා බව ආණ්ඩුවට පෙන්වා දීමයි. "මී මැස්සෝ" වැනි ජනප්‍රිය යූටියුබ් නාලිකා දෙස බැලීමේදී පැහැදිලි වන්නේ මෙයයි. මෙයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පක්ෂ ජනතා සම්මුතියක් තිබේ. ආණ්ඩුව කළ යුත්තේ මේ ජනතා බලය කේවල් කිරීමේ බලයක් ලෙස යොදා ගැනීමයි. මෙය කිසිසේත්ම බුදුදහමට හෝ අපේ රටේ සංඝ සමාජයට එරෙහි පියවරයක් නොව නීතිය ක්‍රියාත්මක කිරීමක් බව පෙන්වා දීමයි.

මා පෙනී සිටින්නේ මේ වෙනුවෙන් ආණ්ඩුවට හිතවත් බහුතරය එකතු කර ගැනීම වෙනුවෙනි. මේ මොහොතේ අපේ උපායමාර්ගය විය යුත්තේ මෙයයි. ආණ්ඩුවට බැණ වැදී හේගලියානු ලස්සන හදවතක් (beautiful soul) වීම නම් ඉතාම පහසුය. නමුත් එමගින් සිදු නොවන එකම දේ වන්නේ හේමරතනට එරෙහිව යුක්තිය ඉටු වීමයි. එය අවශ්‍ය වන අයකු මේ මොහොතේ කළ යුත්තේ ජනතා බලය මේ වෙනුවෙන් තිබෙනා බව ආණ්ඩුවට මතක් කිරීමයි. ඒ වෙනුවෙන් හැකිතාක් ජනතා බලය පෙළ ගැසීමයි.

Vangeesa.jpg

 

 

 

 

Vangeesa Sumanasekara 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න