මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන කොටස බලාත්මක කරමින් සීමිත වපසරියකින් යුතුව සතියක කාලසීමාවක් සඳහා දිවයින පුරා හදිසි අවස්ථාවක් ප‍්‍රකාශයට පත්කරන්නට ජනාධිපතිවරයා නියොජ කර ඇති බව වාර්තා වෙයි.
ජනාධිපති මාධ්‍ය අංශය නිල නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරන අතර මෙම හදිසි අවස්ථාව ප‍්‍රකාශයට පත් කිරීම සඳහා කරුණු 5ක් හේතුකොටගත් බවද එම නිවේදනයේ සඳහන්ව ඇත.
එම හේතු 5 මෙසේය.
1. පසුගිය සති දෙකක කාලය පුරා සිදුව ඇති කලහකාරී සහ සාපරාධී කි‍්‍රයා.
2. එම සිද්ධීන් නිසා සිදුව ඇති ජීවිත සහ දේපළ හානිවීම්,
3. එම සිද්ධින් නිසා ජාතීන් සහ ආගම් අතර ගැටලූකාරී තත්ත්වයන් සහ අසංහතින් ඇති වීම,
4. දේපළ, පූජනීය ස්ථාන, ප‍්‍රවාහන පහසුකම් ආදියට පහරදීම් සිදුවීම සහ එමගින් හානිවීම
5. ඉහත ස`දහන් සාපරාධී කි‍්‍රයා තවදුරටත් සිදුවීම
මෙම සිදුවීම් ඇතැම් අවස්ථාවල දී ප‍්‍රචණ්ඩකාරී වාතාවරණයක් තුළ සිදුව ඇති බවත් සංවිධානාත්මක කණ්ඩායම් ඊට සම්බන්ධව ඇති බවත් එම නිවේදනයේ සඳහන් කර ඇත.
එසේම එම නිවේදනයේ සඳහන් වන්නේ මතුව ඇති තත්ත්වයන් සමනය කිරීම සඳහා ගතයුතු අත්‍යාවශ්‍ය පියවරක් ලෙස සීමිත වපසරියකින් යුතුව මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන කොටස කි‍්‍රයාත්මක කිරීමට සිදුව තිබෙන බවය.
ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් මෙසේද දැක්වේ.
"ආරක්ෂක වාතාවරණය නැවත සුරක්ෂිත කිරීම සහ මහජන ජීවිත යථා තත්ත්වයට පත් කොට අත්‍යාවශ්‍ය සැපයුම් හා සේවාවන් පවත්වාගෙන යාම, සාමය ස්ථාපිත කිරීම සඳහා සීමිත වපසරියකින් යතුව සතියක කාලසීමාවක් ස`දහා මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන කොටස බලාත්මක කොට, හදිසි අවස්ථා රෙගුලාසි පැනවීමට රජය තීරණය කොට ඇත.
මෙසේ හදිසි අවස්ථාවක් කි‍්‍රයාත්මක කිරීමෙන් පනවනු ලබන රෙගුලාසිවලින් පවතින තත්ත්වය සමනය කිරීමට අවශ්‍ය නෛතික බලතල ශ‍්‍රී ලංකා පොලිසියටත්, ති‍්‍රවිධ හමුදාවටත් පවරා ඇත.
යම් සාපරාධි කටයුත්තකට හෝ වාර්ගික හෝ ආගමික නොසන්සුන්තාවයකට සම්බන්ධ හෝ ඒවා ඇතිකරන යම් පුද්ගලයින් වේ නම් ඔවුන්ගේ ආගමික, වාර්ගික අනන්‍යතාව හෝ පක්ෂ, පාට දේශපාලන සබ`දතා නොසලකා අපක්ෂපාතීව සහ යුහුසු`ථව ඔවුන්ට එරෙහිව කි‍්‍රයාත්මක වන ලෙස ද ජනාධිපතිතුමා ආරක්ෂක අංශ වෙත වැඩිදුරටත් උපදෙස් දී තිබේ.
මෙම රෙගුලාසි කි‍්‍රයාත්මක කිරීමේදී සද්භාවයෙනුත්, නීත්‍යානුකුලවත් මහජනතාවගේ සුබසිද්ධියට සහ ජන ජීවිතයට අවම බාධාවක් වන පරිදි කටයුතු කරන ලෙසටත්, මානව හිමිකම් උල්ලංඝනය නොවන ආකාරයට කි‍්‍රයාකරන ලෙසටත්, පොලිසියට සහ ති‍්‍රවිධ හමුදාවට ජනාධිපතිතුමා විශේෂ උපදෙස් ලබා දී ඇත."

