ඇමතිගේ දොලදුක නිවන්න : හොල්සිම් සිමෙන්ති මිල ඉහලට

ඇමතිගේ දොලදුක නිවන්න : හොල්සිම් සිමෙන්ති මිල ඉහලට

හොල්සිම් සමාගමේ සිමෙන්ති මිල රුපියල් 30 කින් වැඩි කිරීමට කර්මාන්ත අමාත්‍යවරයා අවසර ලබාදීම ඇමතිවරුන්ගේ සාක්කු පිරීයන සහ පාරිභෝගිකයා කබලෙන් ලිපට වැටෙන තත්ත්වයක් බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කරයි.

පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය වෙනුවෙන් එහි සභාපති රංජිත් විතානගේ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර සිටියි.

සිමෙන්ති අත්‍යවශ්‍ය භාණ්ඩයක්

මේ වනවිට සිමෙන්ති අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස නම් කර ඇති බවත් එනිසා 2003 පාරිභෝගික කටයුතු අධිකාරී පනතේ වීධිවිධාන වලට අනුව සිමෙන්ති මිල වැඩි කිරීම සදහා පාරිභෝගික කටයුතු අධිකාරියේ අවසර ගැනීම අනිවාර්ය බවද එම නිවේදනයේ සඳහන්ව ඇත.

ඇමතිගේ උවමනාවට කල මිල වැඩි කිරීමක්

ඒ අනුව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය පෙන්වා දෙන්නේ පසුගිය කාලය පුරාම හොල්සිම් සමාගම තමන් නිෂ්පාදනය කරන සිමෙන්ති වල මිල වැඩි කිරීම සදහා ඉල්ලීම් ඉදිරිපත් කලද ඒ සදහා නිසි අවසරය නොලැබුණු නමුත් පසුගිය සතියේ කර්මාන්ත ඇමතිවරයා විසින් හොල්සිම් සිමෙන්ති මිල වැඩිකිරීමට අවසර ලබාදීම අමාත්‍යවරයාගේ අවශ්‍යතාවක් මත සිදුකරනු ලැබූවක් බවට දැනගන්නට ඇති බවය.

දේශීය නිෂ්පාදනය කරන සිමෙන්ති මිල වැඩිකිරීම සැකයි !

එසේම ආනයනික සිමෙන්ති තිබියදී එම සිමෙන්ති මිල වැඩි නොකොට දේශීයව නිපදවන හොල්සිම් සිමෙන්ති මිල වැඩි කිරීමට අවසරය ලබාදීමද පුදුම සහගත බව සඳහන් කරන එම නිවේදනය අවධාරණය කර ඇත්තේ සිමෙන්ති මිල වැඩි කිරීමට දුන් අවසරය වහා අවලංගු කොට ජනතාවගේ නිවාස සිහිනයට සහනයක් ලබාදීමට ජනාධිපතිවරයා මැදිහත් වියයුතු බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න