කලහකාරීන් කවුදැයි ඔප්පුව තිබියදී හදිසි නීතියක් මොකටද : ආණ්ඩුවට චෝදනාවක්

කලහකාරීන් කවුදැයි ඔප්පුව තිබියදී හදිසි නීතියක් මොකටද : ආණ්ඩුවට චෝදනාවක්

තෙල්දෙණිය කලහකාරීන් කවුදැයි හොඳින්ම ඔප්පුව තිබියදීත් සමාන්‍ය නීතිය යටතේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා මැඩලීමට අවශ්‍ය අවම කි‍්‍රයාමාර්ග පවා නොගෙන හදිසි නීතිය පැනවීම ලංකා ගුරු සංගමය දැඩිව හෙළා දකින බව සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මේ බව සඳහන් කරන අතර මුස්ලිම් ජනයාට එරෙහි ප‍්‍රචණ්ඩ කි‍්‍රයා මැඩලීමේ මුවාවෙන් මෙසේ හදිසි නීතිය පැනවීම රජය තමන්ට අවශ්‍ය ලෙස මර්දන අණපනත් ගෙන ඒමට දරණ උත්සායක් බවද එහි අවධාරණය කර ඇත.

ගහනකොට පොලිසිය බලාගෙන ඉඳලා

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ පොලීසිය හා ආරක්ෂක අංශ නිහඬව බලා සිටියදී දිගන ඇතුළු ප‍්‍රදේශ ගණනාවක මුස්ලිම් වැසියන්ගේ දේපළ ගිනි තබමින්, පහරදෙමින්, තරුණයකු ඝාතනය කරමින් දිගින් දිගටම මහජන පීඩාවන්හි නිරත වන වර්ගවාදී පිරිස් සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගැනීම රජය විසින් අපරාධවලට සහාය දීමක් බවය.

සිසුන් කම්කරුවන්ට එරෙහි මර්දනය ජාතිවාදීන්ට නැත්තේ ඇයි ?

එසේම තම අයිතිනීන් ඉල්ලා වීදිබට ශිෂ්‍යයින්ට සහ කම්කරුවන්ට එරෙහිව මහජන පීඩාවන් සිදුකරන්නේ යයි පොලීසිය ලවා අධිකරණ වාරණ ලබාගනිමින්, ජල ප‍්‍රහාර, බැටන් ප‍්‍රහාර හා කදුළු ගෑස් ප‍්‍රහාර එල්ල කර මර්දනය කිරීමට කටයුතු කරන රජය මෙම ප‍්‍රචණ්ඩ කි‍්‍රයා මැඩලීමට අවශ්‍ය අවම කි‍්‍රයාමාර්ග නොගැනීම බරපතල කනගාටුදායී තත්ත්වයක් බවද එහි සඳහන් කර තිබේ.

ජාත්‍යන්තරය පිනවන ව්‍යාජ සංහිඳියාව

තවද ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන ඉදිරියේ සංහිදියාව ඇති කරන බවට සපථ කරමින් සිටින වර්තමාන රජය සංවිධානාත්මක පිරිස් විසින් මුස්ලිම් ජනයාට එරෙහිව සිදු කරන වර්ගවාදී වියරු ප‍්‍රහාර වැලැක්වීමට කටයුතු නොකිරීමෙන් පැහැදිලි වන්නේ ආණ්ඩුවේ සංහිදියාව හුදෙක් ජාත්‍යන්තර ප‍්‍රජාව පිනවීමේ කි‍්‍රයාවක් පමණක්ව ඇති බවද එම නිවේදනයේ සඳහන්ය.

 මුස්ලිම් ජනයාට එරෙහිව සිදු කරන මෙම වර්ගවාදී ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවන්හි නිරත වන සංවිධානාත්මක බලවේග සම්බන්ධයෙන් දැඩි පිළිකුල ප‍්‍රකාශ කරන ලංකා ගුරු සංගමය රජය මෙම තත්වය පාලනය කර මුස්ලිම් ජනයාගේ ජන ජීවිතය සුරක්ෂිත කිරීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ද දැඩි පිළිකුල සහ විරෝධය පළ කර සිටින බවද නිවේදනයේ සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න