තෙල්දෙණියට හා පල්ලේකැලේට යළිත් ඇඳිරි නීතිය

තෙල්දෙණියට හා පල්ලේකැලේට යළිත් ඇඳිරි නීතිය

තෙල්දෙණිය සහ පල්ලේකැලේ පොලිස් බල ‍ප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදි යළිත් පොලිස් ඇඳිරි නීතිය පනවා ඇතැයි වාර්තා වේ.

 ඒ අනුව තෙල්දෙණිය සහ පල්ලේකැලේ ප්‍රදේශවලට අද(06) පස්වරු 6 තෙක් මෙම පොලිස් ඇඳිරි නීතිය බලපැවැත්වෙන බව පොලීසිය පවසා තිබේ.

 මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට බලපැවැත්වෙන පරිදි පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය පෙරවරු 6.00ට ඉවත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මීට පෙර සඳහන් කර තිබුණි.

 මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිද්ධියක් හේතුවෙන් ඊයේ දහවල් සිට මහනුවර පරිපාලන දිස්ත්රිික්කයට පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබීය.

 පසුගිය සෙනසුරාදා දිනයේ දෙපිරිසක් අතර ඇති වු ආරවුලක් දුරදිග යාමත් සමඟ මහනුවර දිගන ප්‍රදේශයේ දී ඊයේ දිනය තුළ මෙම කලහකාරී සිදුවීම වාර්තා වූ අතර ඊට සම්බන්ධ පුද්ගලයින් 24 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කර තිබුණි.

 අම්පාර හා දිගන සිදුවීම් හෙළා දකිමින් රජයෙන් නිවේදනයක්

 මේ අතර අම්පාර හා දිගන ප්‍රදේශයන්හි මෑතදී කලහකාරී සිද්ධීන් පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

 පූජනීය ස්ථාන, නිවාස හා ව්‍යාපාරික ස්ථානවලට හානී සිදුකරමින් අම්පාර හා දිගන ප්‍රදේශයන්හි මෑත දී සිදුවූ සාමය කඩ කළ කලහකාරී සිද්ධීන් ශ්‍රී ලංකා රජය දැඩිව සහ තරයේ හෙළා දකින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කර තිබේ.

 එම නිවේදනය පහත දැක්වේ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න