අගමැතිට එරෙහි විශ්වාසභංගයට අත්සන් නැහැ !

අගමැතිට එරෙහි විශ්වාසභංගයට අත්සන් නැහැ !

ඒකාබද්ධ විපක්‍ෂයේ සහ විපක්‍ෂයේ ඇතැම් දේශපාලන පක්‍ෂවල අස්සනින් අද (මාර්තු 06 )දින අගමැතිවරයට එරෙහි ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංගයට ප්‍රමාණවත් අත්සන් සංඛ්‍යාවක් ලබා ගැනීමට එහි සංවිධායකයින්ට මෙතෙක් නොහැකිවී තිබේ.

කෙසේවුවද මෙම විශ්වාස භංග යෝජනාව අද භාරදීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙත්, එක්සත් ජාතික පක්‍ෂයෙත් විශාල මන්ත්‍රි කණ්ඩායමක් මෙයට අස්සන් තබාවි යැයි තමන් විශ්වාස කරන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා ඊයේ මාධ්‍ය හමුවකදී පැවැසීය.

එහෙත් මේවනවිට 'නිව්ස් ටියුබ්' වෙත වාර්තා වී ඇති පරිදි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද මෙකී යෝජනාවට විරෝධය පළකර ඇත.

ඒකාබද්ධය දෙකට බෙදේ

 ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් 20කට වඩා වැඩි පිරිසකගේ අත්සනින් කතානායකවරයාට අද දිනයේ බාරදීමට සූදානමින් සිටි විශ්වාසභංග යෝජනාවට ඒකාබද්ද විපක්‍ෂයේම ඇතැම් මන්ත්‍රීවරුන් බාදා කරමින් සිටිතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතා විසින් මෙහෙයවන 'ලංකා සී නිව්ස්' වෙබ් අඩවියේ සඳහන් වේ.

එම පුවත් වාර්තාවේ සඳහන් පරිදි ශ්‍රීලනිප හා එජාප මන්ත්‍රී කිහිප දෙනෙකුගේ හෝ අත්සන් මෙම විශ්වාස භංග යෝජනාවට එක් කර ගත යුතු බව එම පිරිස් විසින් කියමින් සිටිති.

නමුන් යෝජනාව අත්සන් කරමින් සිටින පිරිස සදහන් කර ඇත්තේ එමගින් සිදුවන්නේ විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කිරීම වැලැක්වීම බවයි.

විශ්වාස භංගය බාර දීමෙන් පසු ඡුන්ද විමසීමේදී ඡන්දය ලබා දෙන බවට එජාප හා ශ්‍රී ලනිප මන්ත්‍රී පිරිසක් මේ වන විටත් එකග වී ඇති නිසා එම සැලැසුම අවුල් කිරීමට එකී පිරිස් පෙර යෝජනාව ගෙන විත් ඇතැයිද චෝදනා එල්ල වෙයි.

විශ්වාස භංග යෝජනාව බාර දීමට පෙර ඇතිව තිබෙන තත්වය සම්බන්දයෙන් තීරණාත්මක සාකච්ජාවක් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අතර එහිදී අවසන් තීරණය ගනු ඇතැයිද වාර්තාවේ.

විශ්වාසභංගයට එජාපය නෑ' - වසන්ත

එක්සත් ජාතික පක්ෂය විසින් පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා අවධාරණය කර සිටියි.

අද' පුවත්පත කළ විමසීමකදී ඔහු එබව සඳහන් කර තිබේ.

පක්ෂය තුළ ඇතිවී ඇති අර්බුද පක්ෂය තුළම විසඳා ගැනීමට කටයුතු කරන බවත්, එසේ නොමැතිව විශ්වාසභංග යෝජනාවත් ඉදිරිපත්කිරීමට අදහසක් නොමැති බවත් වසන්ත සේනානායක අමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත.

විපක්ෂය විසින් අද (06දා) දිනයේදී විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත්කිරීමට සුදානම්වන බවට වාර්තාවී ඇති නමුත් ඒ පිළිබඳවද එක්සත් ජාතික පක්ෂය මෙතෙක් තීරණයක් ගෙන නොමැතිබවද අමාත්‍යවරයා කියා සිටියි.

"එක්සත් ජාතික පක්ෂයෙන් විශ්වාසභංගයක් ඉදිරිපත්කරන්නේ නැහැ. අපිට ආරංචියි විපක්ෂයෙන් විශ්වාසභංගයක් ඉදිරිපත්වෙනවා කියල. නමුත් ඒ සම්බන්ධයෙන් පක්ෂය මෙතෙක් තීරණයක් අරගෙන නැහැ. අපේ ප්‍රශ්න පක්ෂය ඇතුළේ කතාකරලා විසඳාගන්න පුළුවන්වෙයි කියා බලාපොරොත්තු වෙනවා. එහෙම බැරිඋනොත් අපි එතැනට තල්ලුවෙයිද කියන දේ මම දන්නෙ නැහැ. නමුත් අපි මෙතෙක් පැහැදිලි තීරණයක් අරගෙන නැහැ" යනුවෙන් අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න