රනිල් එක්ක දාපු ඩීල් ගැන මහින්ද කතා කරයි

රනිල් එක්ක දාපු ඩීල් ගැන මහින්ද කතා කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ කුමන්ත්‍රණය කල පිරිස් අද තමන්ට "රනිල් එක්ක ඩීල්" දමන බව පැවසුවද තමන් කිසි දිනක එජාප සමඟ ඩීල් නොදමන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.

පුවත්පතක් වෙත ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇති අතර තමන් ඒ කාලේ එජාපය අය අපේ පැත්තට අරගෙන ආණ්‌ඩු කරන කොට එජාපය විනාශ කරනවා යනුවෙන් චෝදනාවට ලක්වූ බවත් අද ශ්‍රීලනිපය එජාපයට පාවා දුන්න අය තමන්ට එජාපය ගැන කියා චෝදනා කරන බවත් හිටපු ජනාධිපතිවරයා එහිදී පෙන්වාදී ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මෙසේද සඳහන් කර සිටියි."ශ්‍රීලනිපය පරද්දන්න එජාපය එක්‌ක කුමන්ත්‍රණය කළේ මම ද…? ශ්‍රීලනිපයට එරෙහිව තරග කළේ කවුද? බහුතරය තිබුණු ශ්‍රීලනිපය අයින් කරලා සුළුතර එජාපයට බලය දුන්නේ මමද? ශ්‍රීලනිප අගමැති අයින් කරලා එජාප නායකයා අගමැති කළේ මමද? මහ මැතිවරණයේදී අපේ කකුලෙන් ඇදලා එජාපයට ආයෙත් බලය දුන්නේ කවුද, කියලා මුළු රටම දන්නවා. එජාපයට ආසන 106 ක්‌ තියෙද්දී අපේ අයට ඇමැතිකම්, උප ඇමතිකම් දීලා ඒ පැත්තට යැව්වේ කවුද? එහෙම ගිහිල්ලා එජාපය එක්‌ක ආණ්‌ඩු හැදුවේ මමද?"

පික්‌පොකට්‌ න්‍යාය

"ඒ අය එජාපය එක්‌ක එක ගෙයි කන ගමන් අපිට චෝදනා කරනවා. මම රනිල් එක්‌ක ඩීල් දාන නිසා අපිට නඩු නැහැ, හිරේ දාන්නේ නැහැ කිව්වා. මගේ දරුවෝ හිරේ දැම්මා, බැසිල්ව හිරේ දැම්මා, එතකොට කෝ ඩීල්… මේ අය එජාපය එක්‌ක හොඳට ඩීල් දාගෙන අද ඒකත් මගේ ඇඟේ ගහන්න එනවා. රනිල්ගේ කැබිනට්‌ එකේ ඉඳගෙන මම රනිල් එක්‌ක ඩීල් දානවා කියලා කියනවා. ඔය පික්‌පොකට්‌ න්‍යායනේ. පික්‌ පොකට්‌ ගහලා …හොරා… කියලා මුලින්ම දුවනවා වගේ නේ මේ අයගේ වැඩ"

නීතිය හා සාමය සරත් ෆොන්සේකාට දීලා බලන්න

එසේම මෙම සම්මුඛ සාකච්ඡාවේදී සරත් ෆොන්සේකා අමාත්‍යවරයාට නීතිය හා සාමය අමාත්‍යංශය ලබාදීම සම්බන්ධවද හිටපු ජනාධිපතිවරයා අදහස් දක්වා ඇති අතර එහිදී සඳහන් කරන්නේ අදාළ අමාත්‍යංශය සරත් ෆොන්සේකා වෙත ලබාදුනහොත් මාස තුනක් යනවිට ආණ්ඩුවට මේ තිබෙන ජන්ද ප්‍රමාණයද නැතිවන බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න