මිරෙද් රාද් සෙයිද් අල්-හුසේන් කුමරු හෙට ලංකාවට

මිරෙද් රාද් සෙයිද් අල්-හුසේන් කුමරු හෙට ලංකාවට

ජෝර්දානයේ මිරෙද් රාද් සෙයිද් අල්-හුසේන් කුමරු හෙට (5) ලංකාවට පැමිණෙන බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා රජයේ ආරාධනයක් සිදුවන මෙම සංචාරය සිදුවන අතර මාර්තු 7 දක්වා මිරෙද් රාද් සෙයිද් අල්-හුසේන් කුමරු මෙරට රැදී සිටිනු ඇත.

මිරෙද් රාද් සෙයිද් අල්-හුසේන් කුමරු මෙම සංචාරය සිදුකරන්නේ පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීම පිළිබඳ සම්මුතියේ විශේෂ නියෝජිතයා වශයෙන්ය.

එම සංචාරයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර නැවත පදිංචි කිරීම පිළිබඳ අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා සමග උතුරු පළාතේ ක්ෂේත්‍ර සංචාරයකද නිරත වීමටද නියමිත බව රජයේ නිල වාර්තා සඳහන් කර සිටියි.

එසේම මිරෙද් රාද් සෙයිද් අල්-හුසේන් කුමරු උතුරේ සිදුකරන සංචාරයේදී බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීමට නියමිත බවත් බිම්බෝම්බ ඉවත් කිරීමේ නියෝජිතායතන මෙන්ම බිම්බෝම්බ වින්දිතයන්ද හමුවීමට නියමිත බවද වාර්තා වෙයි.

තවද මිරෙද් රාද් සෙයිද් අල්-හුසේන් කුමරු මාර්තු 6 වැනිදා පස්වරු 5.30 ට ජාත්‍යන්තර සබඳතා සහ ක්‍රමෝපාය අධ්‍යයනය පිළිබඳ ලක්ෂ්මන් කදිර්ගාමර් ආයතනයේදී ‘පුද්ගල නාශක බිම්බෝම්බ පිළිබඳ ඔටාවා සම්මුතිය- ආසියාවට ඇති අවස්ථා සහ අභියෝග’ යන මැයෙන් දේශනයක් පැවැත්වීමටද නියමිතය.

එසේම රජයේ ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ බිම්බෝම්බ ඉවත් කිරීම සඳහා මේ තාක් සිදු කරන ලද කාර්ය භාරය මෙන්ම වසර 2020 වන විට ශ්‍රී ලංකාව බිම්බෝම්බවලින් තොර රටක් බවට පත් කිරීම සඳහා පිළියෙළ කර ඇති සිය සැලසුම් විදහා පෙන්වීමට විශේෂ නියෝජිතවරයාගේ සංචාරයෙන් ශ්‍රී ලංකාවට අවස්ථාව හිමිවන බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න