මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මොන රටේ කාගේ ආශීර්වාදය යටතේ හිටියත් ජාත්‍යන්තර පොලිසිය ලවා ඔහු අත්අඩංගුවට ගෙන දඬුවම් කරන බව අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරයි.
වීරකැටිය උඩයාල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කල අතර බැඳුම්කර වංචාවට අදාළ ප්‍රධාන චුදිතයන් දෙදෙනා මේ වන විටත් අත්අඩංගුවට ගෙන සිරගත කර තිබෙන බවද පැවසීය.
එසේම බැඳුම්කර සිදුවීම රටේ සිදුවූ දැවැන්තම වංචාව බවත් මිනිසුන් අතර ඒ සම්බන්ධව දැඩි අප්‍රසාදයක් ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ඉතිහාසයේ පළමු වතාවට ආණ්ඩුවේ පාර්ශව සිදුකල හොරකමක් සම්බන්ධව නීතිය ක්‍රියාත්මක වෙමින් ඇති බවය.
තවද එවැනි තත්ත්වයක් ඇතිකිරීමට හැකිවුයේ තමන්ද මේ ආණ්ඩුවේ පාර්ශවකරුවන්වීම නිසා බවත් දුෂිතයන්ට එරෙහිව ඉදිරියේද දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රීලනිපය ආණ්ඩුව මෙහෙයවන බවද අමාත්‍යවරයා පවසා ඇත.

