මගේ උපදෙස් පිළිපැද්දා නම් ආණ්ඩුව පරදින්නේ නෑ - මන්ත්‍රී චතුර සේනාරත්න

මගේ උපදෙස් පිළිපැද්දා නම් ආණ්ඩුව පරදින්නේ නෑ - මන්ත්‍රී චතුර සේනාරත්න

තමන් ලබාදුන් උපදෙස් අනුව කටයුතු නොකිරීම නිසා පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුවට පරාජය වන්නට සිදුවූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න සඳහන් කරයි.

තමන් තමන් කී දේ නොඇසූ නායකයන්ට පළාත් පාලන මැතිවරණය හරහා කන හරහා පහරක් ගැසූ ජනතාවට තමන් හිස නමා ආචාර කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කර සිටියි.

පසුගියදා ප්‍රසිද්ධ සභාවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කල අතර එහිදී වැඩිදුරටත් පවසා සිටියේ ජනවාරි 08 වැනිදා ජනතාව පාරට බැස්සේ එක එකාගෙ ඡන්ද ව්‍යාපාරවලට බැදුම්කර මගඩියෙන් සල්ලි අරගෙන ඒවයින් මඩි තරකර ගන්න නොවන බවය.

එසේම මෙම ඡන්ද ප‍්‍රතිඵලය ගැන තමන් වේලාසන දැන සිටි බවත් මේ රටේ ජනතාව ගන්නා තීන්දු තීරණ ගැන තමන් දන්නා බවත් මන්ත‍්‍රිවරයා පැවසු අතර බහ තෝරන වියේ සිට තම පියගෙ හෝ විජය කුමාරතුංග මහතාගේ මේ රටේ දේශපාලන පොරපිටියේ තැලී පොඩි වී තෙම්පරාදු වී ඒ පන්නරය ගත් බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න