Language Switcher

V2025

ලසන්තගේ දියණිය සමඟ ආණ්ඩුව පැටලෙයි !

2009 වසරේ ඝාතනයට ලක්වූ සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග විසින් අමෙරිකාවේ වොෂින්ටන් පෝස්ට් පුවත්පතට සපයන ලද ලිපියක් ආණ්ඩුවේ දැඩි විවේචනයට ලක්ව තිබේ.

මේ වනවිට ජිනීවා මානව හිමිකම් කොමිසම ආරම්භ වී ඇති අතර ඊයේ (04) දින පළවූ මෙම ලිපිය මගින් අහිම්සා වික්‍රමතුංග ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව සිය පියාගේ ඝාතනයට සාධාරණය ඉටු කිරීම ප්‍රතික්ෂේප කොට ඇති බව සදහන් කොට ඇත.

මෙම පිලිය සදහා ඊයේ දින විශාල පාඨක ප්‍රතිචාරයක් හිමිව ඇති බව ද දැනගන්නට ඇත.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන විදේශ අමාත්‍යංශයේ ලේකම් ජයනාත් කොළඹගේ මහතා එහි ඇති කරුණු ප්‍රතික්ෂේප කරමින් පෙන්වා දී ඇත්තේ ලංකාවේ ප්‍රතිරූපය විනාශ කිරීමේ අරමුණින් මෙම ලිපිය ප්‍රකාශයට පත් කොට ඇති බවකි.

මව්රට