අබිලි බස් රථ සහ ධීවර යාත්‍රා මුහුදු පතුලේ තැන්පත් කිරීමේ දෙවනි අදියර අද (27) පෙරවරුවේ ගාල්ල මුහුද ආශ්‍රිතව ආරම්භ කළේ ය.
ඒ , ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙනි.
භාවිතයට නොගන්නා ලංගම බස් රථ කිහිපයක් ගාලු වරායේ සිට කිලෝමීටර 5ක් පමණ දුරින් මුහුදු පතුලේ තැන්පත් කර තිබේ.
මේ සඳහා නාවික හමුදාවට අයත් සයුර නෞකාව යොදා ගැණිනි.
කුඩා මසුන් බෝවීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම මෙහි අරමුණයි. වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ නාවික හමුදාවේ අධීක්‍ෂණය යටතේ වන අතර, මෙහි නියමු ව්‍යාපෘතිය ත්‍රිකුණාමලය වරායට ආසන්නව පළමුවෙන් ආරම්භ කෙරුණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
