ශ්‍රීලනිප ගැටුම දුරදිග යන ලකුණු : ජනාධිපතිටත් චෝදනාවක්

ශ්‍රීලනිප ගැටුම දුරදිග යන ලකුණු : ජනාධිපතිටත් චෝදනාවක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ට නායකයින් අතර මතුව ඇති මත ගැටුම මේ වන විට උග්‍ර අතට හැරී තිබෙන බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග අනාවරණය කරයි.

එම ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මේ වන විට එම නායකයින් එකිනෙකාගේ මුහුණ නොබලන සහ එකිනෙකා කතා නොකරන තත්ත්වයක් මතුව ඇති අතර ඒ හේතුවෙන් පක්ෂයේ දේශපාලන කටයුතු සියල්ල පාහේ ජනාධිපතිවරයාගේ සෘජු මැදිහත්වීම මත සිදුකරන තත්ත්වයක් මතුව ඇත.

දුමින්ද සුසිල් යළිත් ගැටෙයි

duminda dissanayakeදේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරන ආකාරයට අමාත්‍ය දුමින්ද දිසානායක විසින් පසුගියදා පක්ෂයේ ජේෂ්ට නායකයින් කිහිපදෙනෙකුව ප්‍රසිද්ධියේ විවේචනය කිරීමට පිළිතුරු දීම සඳහා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඉදිරිපත්ව ඇත්තේද මෙම මත ගැටුම දුරදිග යාම නිසාය.

පසුගියදා දුමින්ද අමාත්‍යවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කර susilසිටියේ පළාත් පාලන මැතිවරණයේදී පක්ෂය ලද පරාජයේ වගකීම මහ ලේකම්වරයා ලෙස තමන් භාරගන්නට සුදානම් නමුත් මැතිවරණයේ මෙහෙයුම් කමිටු වලට නායකත්වය දෙනු ලැබූ පාර්ශවද පරාජයේ වගකීම ගතයුතු බවය.

කෙසේ වුවත් ඒ සම්බන්ධව 27 වනදා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රසිද්ධ මාධ්‍ය හරහා පිළිතුරු දෙමින් සඳහන් කර සිටියේ පළාත් පාලන මැතිවරණයේ මෙහෙයුම් කටයුතු සිදුකිරීම සඳහා තමන්ට නාමිකව පමණක් වගකීම ලැබුණු බවය.

පසුගිය වසර දෙකේ නායකයින් පරාජයේ වගකීම ගන්න - සුසිල්

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සුසිල් අමාත්‍යවරයා මෙසේද පැවසීය. "මැතිවරණයේ නාම යෝජනා දීලා ඉවර වෙලා කමිටු කිහිපයක් සකස් කරලා ඒ ඒ අයට වගකීම් පැවරුවා. හැබැයි මම මේ ජාතික සංවිධායක හැටියට හිටියට මම නාමිකව තමයි හිටියේ. මැතිවරණ කාලයේදී කිව්වා කොළඹ ඉන්න නිසා මැතිවරණ අටයුතු වලට උදව් වෙන්න කියලා. මම එතැනදී යම් සම්බන්ධීකරණ වැඩ කොටසක් කණ්ඩායමක් විදිහට කළා. හැබැයි මැතිවරණයක් දිනන්න බෑ මැතිවරණයට නාමයෝජනා දීලා එතන ඒ ටික පටන් අරගෙන"

"මම සන්ධනයේ ලේකම් හැටියට මැතිවරණ 12 කට වඩා මෙහෙයවීම් කමිටු වල හිටියා. ඒ 12න් පැරදුණේ පසුගිය ජනාධිපතිවරණය විතරයි. දේශපාලන පරිණතභාවයෙන් තොරව විවිධ ප්‍රකාශ කරලා පසුගිය අවුරුදු දෙක හමාර තුළ මේ වයේ වගකීම් දරපු අය තමයි අවසාන ප්‍රතිඵලයට වගකියන්න ඕන. ඊට වඩා මේ ප්‍රතිඵලය විග්‍රග කරගෙන කතා කරන එක වඩා හොඳයි. මම මීට වඩා කියන්න යන්නේ නෑ. මොකද කිව්වට මේ අයට තේරෙන්නේ නෑ"

ජනාධිපති වගකියන්න ඕන

මේ අතර පක්ෂය තුළ මතුව ඇති අර්බුදය සම්බන්ධව සඳහන් කරන ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ මෙම අර්බුදයට ප්‍රධාන වශයෙන් ජනාධිපතිවරයා වගකිව යුතු බවය.

ඊට හේතු ලෙස ඔවුන් දක්වා සිටින්නේ ජනාධිපතිවරයා පක්ෂ සමගිය සම්බන්ධව සහ තීන්දු තීරණ අභියෝගයට ලක්වන්නට ගත අවස්ථා වලදී ඊට නිසි මැදිහත්වීමක් සිදු නොකළ බවය.

පක්ෂ විනය ගැන හරියට කෙළින් තීන්දු නොගැනීමේ ආදීනව !

විශේෂයෙන් 2015 අගෝස්තු මහමැතිවරණයෙන් පසුව යහපාලන සම්මුති ආණ්ඩුව පිහිටුවීම සඳහා මැදිහත්වීමට ශ්‍රිලනිය තීන්දු කළත් ඒ අවස්ථාවේ පිරිසක් එයින් ඉවත්ව ඒකාබද්ධ විපක්ෂය ලෙස කටයුතු කල බවත් එම කටයුතු ආරම්භ වූ මුල් අවස්ථාවේ පක්ෂ විනය අනුව ඔවුන්ට එරෙහිව කටයුතු කළා නම් මේ වන විට ශ්‍රීලනිපය මීට වඩා ප්‍රබල තැනක සිටින බව ඔවුන් පෙන්වා දෙයි.

එසේම මේ වන විට ශ්‍රීලනිපයේ සිටින ජේෂ්ට සාමාජිකයකු වන චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කල පළාත් පාලන ආයතන වල සභාපති සහ උපසභාපති පත්කිරීමේ කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන බවත් පක්ෂයේ උපදේශක ලෙස සිටින හිටපු ජනාධිපතිවරයා පොදුජන පෙරමුණේ නිල නොලත් නායකයා ලෙස ප්‍රසිද්ධියේ කටයුතු කරන බවද ඔවුන් පෙන්වා දෙයි.

මෙම තත්ත්වය මේ වන විට ඔඩුදුවා ඇති බැවින් දැන් ශ්‍රීලනිපය ලෙස ඉතුරුවී සිටින පාර්ශව සම්බන්ධව තීරණයක් ගැනීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවත් ඒ හෙයින් පක්ෂයේ අභ්‍යන්තර සමුළුවක් හෝ කැඳවා කඩිනමින් පක්ෂ විනය ස්ථාපිත නොකළහොත් ඉදිරි වසර දෙකක කාලය තුළ පක්ෂ අභ්‍යන්තරයේ ජනාධිපතිවරයාගේ නායකත්වයට පවා අභියෝගයක් එල්ලවිය හැකි බවද ඔවුන් අවධාරණය කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න