අගමැති රනිල්ට එරෙහිව විශ්වාසභංගය සඳහා සර්වපාක්ෂික මෙහෙයුමක්

අගමැති රනිල්ට එරෙහිව විශ්වාසභංගය සඳහා සර්වපාක්ෂික මෙහෙයුමක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒම සඳහා ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයන් නිල නොවන මට්ටමේ සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මේ වන විටත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් කිහිපදෙනෙකුගේ සහයෝගය ඇතිව එම පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමක් ඒ වෙනුවෙන් වන සාකච්ඡා සඳහා මුලිකත්වය ගෙන කටයුතු කරමින් සිටියි.

පාර්ලිමේන්තු කණ්ඩායමේ 10ක් දැනටමත් වැඩ

මේ වන විටත් එම පක්ෂය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර, වසන්ත සේනානායක සහ මයන්ත දිසානායක යන මැති ඇමතිවරුන් ඒ වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටියත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය සුදානම් කිරීමේ කටයුත්ත සඳහා එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ 10 කට අධික පිරිසක් මේ වන විටත් එකඟතාව පළකර ඒ වෙනුවෙන් කටයුතු කරමින් සිටින බවය.

සිරිකොතට ගල් ගැසූ බලකාය යළිත් වැඩ අරඹයි

එසේම පසුගිය අවස්ථා කිහිපයකදී රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් කිරීම සඳහා උත්සාහ කළ පාර්ශවද මේ වෙනුවෙන් මැදිහත්ව සිටින බවත්, අදාළ විශ්වාසභංගය සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රීලනිප පාර්ශවයේ සහය ලබා ගැනීමේ වගකීම ඔවුන් භාරගෙන ඇති බවද දේශපාලන ආරංචිමාර්ග තහවුරු කර සිටියි.

ඒකාබද්ධ විපක්ෂය සූදානම්

මේ අතර අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කටයුතු කරනවා නම් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහය ඊට ලබාදෙන බව එම පාර්ශවය දැනටමත් ප්‍රකාශකර ඇත.

එසේම එවැනි යෝජනාවක් ගෙන එනු ලැබුවහොත් ජනතා විමුක්ති පෙරමුණද ඊට සහය දෙන බව පවසා ඇති බවද වාර්තා වෙයි. මේ බව පසුගියදා බීබීසී සමඟ සිදුකළ සම්මුඛ සාකච්ඡාවේදී බිමල් රත්නායක මන්ත්‍රීවරයාද තහවුරු කර සිටියේය.

මේ අතර විශ්වාසභංගය ගෙන ඒමට සුදානම් වන පිරිස් මේ වන විටත් ඊට අදාළ නෛතික පසුබිම පැහැදිළි කරගෙන ඇති බවත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්මත කර ගැනීමට අවශ්‍ය වන්නේ සරල බහුතරයක් පමණක් බවට එහිදී නීති උපදෙස වී ඇති බවද දැනගන්නට තිබෙන බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න