අගමැතිට එරෙහි විශ්වාසභංගයකට ජවිපෙ සහය !

අගමැතිට එරෙහි විශ්වාසභංගයකට ජවිපෙ සහය !

අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් වන විශ්වාසභංගයකට සහය දෙන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසයි.

බීබීසී සිංහල සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

ප්‍රශ්නය - එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වුණොත් ඔබ ඒකට සහය දෙනවාද?

පිළිතුර - අපි අනිවාර්යයෙන්, අපි පක්ෂව ඡන්දය ලබා දෙනවා.

ප්‍රශ්නය - ඒ කියන්නේ ආණ්ඩුව පරදිනවානේ ඒ අවස්ථාවේ. ඊට පස්සේ ඔබේ විසඳුම මොකක්ද ? ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් පිහිටුවන ආණ්ඩුවකට සහය දෙනවාද?

පිළිතුර - අපි කාටවත් සහයෝගය ලබාදෙන්නේ නැහැ. ඊට පස්සේ මොකක්ද වෙන්නේ. ඊට පස්සේ කවුද ආණ්ඩුව හදාගන්නේ කියන එක ඒක වෙන අයගේ ප්‍රශ්නයක්. ප්‍රාදේශීය සභාවලත් අද ඒකනේ තත්ත්වය.

ප්‍රාදේශීය සභා විශාල ප්‍රමාණයක් තියෙනවා අපේ මැදිහත්වීම මත අපිට තීන්දු කරන්න පුළුවන් කවුද එන්නේ කියලා. නමුත් අපි දන්නවා එක්සත් ජාතික පක්ෂයෙන් එන කණ්ඩායමත් ශ්‍රී ලංකා එකෙන් සහ මහින්ද රාජපක්ෂ මහතාගෙන් එන කණ්ඩායමත් එන්නේ හොරකම් කරන්න. ජනතා සේවයට නෙමෙයි.

ඒ නිසා අපි ස්වාධීන විපක්ෂයේ කණ්ඩායමක් වශයෙන් රැදී සිටිනවා.''

බිමල් රත්නායක මන්ත්‍රීවරයා සමග සාකච්ඡාව නරඹන්න.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න