බස්නාහිරින් පිට යන අයට අද සිට අහඹු Antigen පරීක්ෂණ

බස්නාහිරින් පිට යන අයට අද සිට අහඹු Antigen පරීක්ෂණ

අද (18) සිට බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයින් සඳහා අහඹු Antigen පරීක්ෂණ සිදු කරන බව කොඩිව් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතින් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා  පවසයි.

ඒ සඳහා ජංගම Antigen පරීක්ෂක ස්ථාන යොදවා ඇති බව යුද හමුදාපතිවරයා පැවසීය. 

බස් රථ ඇතුළු අනෙකුත් ප්‍රවාහන මාධ්‍යන් මගින් බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයින් අහඹු ලෙස තෝරාගෙන මෙම පරීක්ෂණ සිදු කරනු ඇති.

කෙසේ වෙතත් එහිදී එක් පුද්ගලයෙකු හෝ කොවිඩ් ආසාදිත බවට තහවුරු වුවහොත් අදාළ රථයේ සිටින සියලු දෙනා Antigen පරීක්ෂාවට ලක් කරන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

මේ අතර යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියේ මෙම අවස්ථාවේ බස්නාහිර පළාතෙන් පිටතට යාම අවම කරන්නේ නම්, එය වඩාත් යහපත් බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න