වරාය නගරයේ පළමු ආයෝජන ගිවිසුමට අත්සන් තැබේ

වරාය නගරයේ පළමු ආයෝජන ගිවිසුමට අත්සන් තැබේ

කොළඹ වරාය නගරය සඳහා රුපියල් කෝටි 19,000ක ආයෝජන ගිවිසුමකට අත්සන් තැබීම අගමැති මහින්ද රාජපක්ෂ සහ චීන තානාපති චි ජෙන්හොං මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) අරලියගහ මන්දිරයේදී සිදු කෙරිණි.

මෙම  ව්‍යාපෘතිය කොළඹ වරාය නගරයේ පළමු ආයෝජනය වන අතර, මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වේ.

එල්. ඕ. එල්. සී (LOLC) සමූහයේ මූලෝපායික ආයෝජන අංශය වන බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සහ චයිනා හාබර් ඉන්ජිනියරින් කම්පැනි ලිමිටඩ් (CHEC) ආයතන අතර මේ ගිවිසුමට අත්සන් තැබිණි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී 2014 වසරේදී කොළඹ වරාය නගර ව්‍යාපෘතිය චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ මෙරට සංචාරයට සමගාමීව ආරම්භ කරන ලදි.

කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථාන (CIFC) ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවේදී අදහස් දක්වමින් අගමැති මහින්ද රාජපක්ෂ  පැවැසුවේ  “ උපාය මාර්ගික පිහිටීම සමඟ මානව හැකියාවන්ද අන්තර්ගතව ශ්‍රී ලංකාව ලබාදෙන ආයෝජන අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ගන්නැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී ලොව පුරා විසිරී සිටින ආයෝජකයන්ට ආරාධනා කළේය.

“ මේ තීරණාත්මක මොහොතේ චීනය නැවත වතාවක් ශ්‍රී ලංකාව කෙරෙහි ඇති විශ්වාසය සහ ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධනයට උපකාර කිරීමට ඇති සිය කැපවීම පෙන්නුම් කරනවා” යැයි චීන තානාපති චි ජෙන්හොං මහතා පැවැසීය.

අමෙරිකානු ඩොලර් බිලියන 1. 4ක මූලික ආයෝජනයෙන් සහ අමෙරිකානු ඩොලර් බිලියන 15ක අපේක්ෂිත සමස්ත ආයෝජනයකින් සම්පූර්ණ වන කොළඹ වරාය නගරය දකුණු ආසියාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික, නේවාසික සහ සංචාරක ගමනාන්තය බවට පත්වනු ඇත.

මේ ව්‍යාපෘතිය හෙක්ටයාර් 6. 8ක මුළු භූමි ප්‍රමාණයකින් සමන්විත වන අතර එය අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.

බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සහ චයිනා හාබර් ඉන්ජිනියරින් කම්පැනි ලිමිටඩ් ඒකාබද්ධව කළමනාකරණය කරන කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථාන ව්‍යාපෘති පළමු අදියර යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 450ක ආයෝජනයකින් යුතුව හෙක්ටයාර 3. 06ක භූමි ප්‍රමාණයක විශේෂ කාර්ය වාහන (SPV) සමාගමක් ස්ථාපිත කෙරෙනු ඇත.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න