UNPයට වැඩබලන මහලේකම්වරයෙක්

UNPයට වැඩබලන මහලේකම්වරයෙක්

එක්සත් ජාතික පක්ෂයේ වැඩබලන මහලේකම්වරයා ලෙස සිරිකොත පක්ෂ මූලස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරී, වයඹ පළාත් හිටපු විපක්ෂ නායක ශමල් සෙනරත් මහතා පත්කර තිබේ.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බව වාර්තා වේ.

පක්ෂ මහලේකම් ධුරයේ කටයුතු කළ අකිල විරාජ් කාරියවසම් මහතා පසුගිය දා ඉල්ලා අස්වීමත් සමග එම ධුරය පුරප්පාඩු වී පැවතුණි.

මේ වසර අවසානයේ නව නිලධාරී මණ්ඩලයක් පත් කිරීම සිදුවන අතර ඒ දක්වා ශමල් සෙනරත් මහතා පක්ෂයේ වැඩබලන මහලේකම් ධුරයේ කටයුතු කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න