කොරෝනා තත්වය හේතුකොටගෙන දැඩි රැකියා අවදානමකට ලක් වීමට ඉඩ ඇති පෞද්ගලික අංශයේ ලක්ෂ ගණනක සේවකයන් වෙනුවෙන් විසඳුමක් සෙවීමට වහාම ජාතික කම්කරු උපදේශන සභාව රැස්කළ යුතු බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත අවධාරණය කරයි.
භාරකාර ආණ්ඩුවේ කම්කරු අමාත්‍යවරයා පෞද්ගලික අංශය සඳහා වගකිව යුත්තා වන බැවින් ඉදිරි මාස කිහිපය තුළ පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් මිලියන ගණනකට වැටුප් අහිමිවීම යන කාරණය සම්බන්ධයෙන් මැදිහත් විය යුතු බවද ඔහු පවසයි.
ඒ අනුව විදේශ සබඳතා, කම්කරු සහ වෘත්තීය සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනත්, හාම්පුතුන් වෙනුවෙන් ක්‍රියාත්මක හාම්පුතුන්ගේ සංගමයත් පෞද්ගලික අංශයේ වෘත්තීය සමිතිත් යන පාර්ශ්ව තුනෙන් සැදුම්ලත් ජාතික කම්කරු උපදේශන සභාව රැස් කර මෙම ප්‍රශ්නයට තුලනාත්මක පිළිතුරක් සෙවිය යුතු බවද ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත පෙන්වා දෙයි.
රට විරු අවුල !
මේ අතර කොරෝනා වෛරසය හෙවත් Covid-19 වසංගත තත්වය මත විදේශගත ශ්‍රී ලාංකික ජනතාව මුහුණ දෙන ගැටළු පිළිබඳව දැනුවත් කිරීමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම එතෙර අපි සංවිධානයේ සභාපති සුනිල් හඳුන්නෙත්ති විසින් විදේශ සම්බන්ධතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනව දැනුවත් කරමින් ලිපියක් යොමු කර තිබේ.
ප්‍රධාන කරුණු පහක් යටතේ යොමුකර ඇති එම ලිපිය පහත දැක්වෙයි.
සුනිල් හඳුන්නෙත්ති,
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ,
සභාපති,
එතෙර අපි සංවිධානය,
20/43, නුග ගහ පෙදෙස ,
පිළියන්දල පාර, මහරගම .
2020.04.07.
දිනේෂ් ගුණවර්ධන මහතා ,
අමාත්‍ය විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය,
ජනරජ ගොඩනැගිල්ල,
ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත,
කොළඹ 01.
මහත්මයාණෙනි,
Covid 19 වසංගත තත්වය මත විදේශගත ශ්‍රී ලාංකික ජනතාව මුහුණ දෙන ගැටළු පිළිබඳව දැනුවත් කිරීම.
මේ වන විට ලෝක වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති covid 19 නිසා ශ්‍රී ලංකාව තුළ මෙන්ම විදේශ ගත රැකියාවන්හි නිරත වන ශ්‍රී ලාංකිකයන් ද බොහෝ අපහසුතාවයන්ට මුහුණ දෙමින් සිටී.
ඒ අතරින් පහත ගැටලු ඉතා ප්‍රමුඛ අවශ්‍යතා ලෙස අප දකින අතර ඔබතුමාගේ කාරුණික අවධානයට යොමු කරමු.
ඉහත සඳහන් ගැටලු පිළිබඳව කඩිනම් පියවර ගනු
ඇතැයි අපේක්ෂා කරමු.
ස්තුතියි,
මෙයට ,
විශ්වාසී,
සුනිල් හඳුන්නෙත්ති.
සභාපති,
එතෙර අපි සංවිධානය,
පිටපත- සභාපති, විදේශ රැකියා නියුක්ති කාර්යාංශය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
