යාන්ත්‍රණය මාරයි - තිහගොඩ සතොසේ බඩු : පොහොට්ටු ආධාරකරුගේ නිවසේ !

 යාන්ත්‍රණය මාරයි - තිහගොඩ සතොසේ බඩු : පොහොට්ටු ආධාරකරුගේ නිවසේ !

සතොස මගින් පාරිභෝගියන් හට අඩු මිලට අලෙවි කිරීම සඳහා නිකුත් කර ඇති සැමන් ටින් සහ පරිප්පු තොගයක් මිල්ලවල ප්‍රදේශයේ සිල්ලර වෙළඳ සැලක් පවත්වාගෙන යන පොහොට්ටු පක්ෂයේ ප්‍රබල ආධාරකරුවෙකු වන දීප්ත කුමාර නැමැත්තාගේ නිවසේ තිබී හමුවී තිබේ.

ඔහු තිහගොඩ සතොස ආයතයේ ගබඩා සහායක ලෙස කටයුතු කරන අතර ඔහු සතුව තිබී පරිප්පු කිලෝ 50ක් සහ සැමන් ටින් 350ක් පමණ හමු වී ඇත.

පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් වෙත ලැබී ඇති තොරතුරක් මත සිදු කර ඇති විමර්ශනයකින් මෙම ආහාර ද්‍රව්‍ය හමුවී ඇති අතර එම පසුව සතොස ගබඩාව පරීක්ෂා කිරීමේදී හෙලි වී ඇත්තේ සතොස ගබඩාවේ ඇති ප්‍රමාණයට වඩා වැඩි සැමන් ප්‍රමාණයක් මෙම පුද්ගලයා සතුව ඇති බවයි.

එම සැමන් සහ පරිප්පු තොගය තමන් විසින් සතොස ගබඩාවෙන් අඩු මිලට ලබාගත් බවත් එලෙස ලබා ගන්නා බඩු තමන්ගේ පුද්ගලික වෙළෙඳසැලේ වැඩි මිලට ජනතාවට අලෙවි කරන බවත් දීප්ත කුමාර නැමැත්තා පිළි ගෙන තිබේ.

ඔහු පොහොට්ටු පක්ෂයේ ක්‍රියාකාරිකයෙකු නිසා ඔහුට ඇති දේශපාලන බලය මත ඔහු මෙම කූඨ ජාවාරම දිගටම සිදුකර ඇති බවත් ඒ සඳහා තිහගොඩ සතොස ආයතනයේ කළමණාකරවරියගේද සහාය ලැබී ඇති බව වාර්තාවේ.

(මුලාශ්‍රය - ලංකා truth )

Thihagoda SaThoSa 2020.04.07 4

Thihagoda SaThoSa 2020.04.07 5

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න