මේ වනවිට අත්‍යවශ්‍ය සේවා ලෙස ක්‍රියාත්මක නොවන රාජ්‍ය ආයතනවලට අයත් වාහන තම රාජකාරි සඳහා සීමිත කාලයකට ලබා දෙන්නැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර ඇත.
මේ වනවිට රාජ්‍ය ආයතනවලට අයත් එහෙත් රාජකාරිවල නොයෙදෙන වාහන තම රාජකාරි සඳහා මුදා හරින්නේ නම් රාජකාරි පහසුවන බව එම සංගමය රජයට පෙන්වා දී තිබේ.
මේ වනවිට වැසිකාලය ඇරඹී ඇති බැවින් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් යතුරු පැදිවලින් ගොස් රාජකාරි කරන්නේ ඉතා අපහසුවෙන් යැයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.
ස්වයං නිරෝධායනයේ සිටින විශාල පිරිසක් පිළිබඳ සොයා බැලීම ඇතුළු බිම් මට්ටමේ රාජකාරි රාශියක් තම සාමාජිකයන් වෙත පැවරී ඇති බවත් ඔවුන්ගේ රාජකාරි පහසු කිරීම සේවා සැපයීමේ දී ජනතාවට විශාල ප්‍රතිලාභයක් වන බවත් ඔහු පෙන්වා දෙයි.
එසේම සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයකම නිරෝධායන මධ්‍යස්ථානයක් බැගින් ආරම්භ කරන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය රජයට යෝජනා කර ඇත.
පවතින වාතාවරණය යටතේ කොරෝනා ආසාදිත බවට සැක සමහර පුු්දගලයින් නිරෝධායනය කිරීමට ඔවුන්ගේ නිවාස වල ඉඩ කඩ ප්‍රමාණවත් නොවන අවස්ථා ඇති බැවින් මෙම ඉල්ලීම කළ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ තවදුරටත් පවසයි.
මේ දිනවල ප්‍රයෝජනයට නොගන්නා ගොඩනැගිලි මේ සඳහා සකසා ගත හැකි බවට ද එම සංගමය යෝජනා කල බව ඔහු කියා සිටියේය.

