රත්නපුර නගරයේ පුද්ගලයින් 67 දෙනෙකු දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට අද (09) තීරණය කර ඇත.
යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ කොවිඩ් නයින්ටීන් වෛරස ආසාධිතයින් සමඟ සමීප සබඳතා පැවැත්වූ බවට සැකපිට ඔවුන් නිරෝධායනයට යොමු කළ බවයි.
කොවිඩ් 19 ආසාදනය වූ තිදෙනෙකු ඊයේ (08) රත්නපුර ප්‍රදේශයෙන් වාර්තා වූ අතර ඒ අනුව අද ඉවත්කළ ඇඳිරි නීතිය පවා රත්නපුර - පැල්මඩුල්ල යන ප්‍රදේශ වලට අදාළ කෙරුනේ නැත.
ඒ අනුව එම ප්‍රදේශවලට නැවත දැනුම්දෙන තුරු ඇඳිරි නීතිය බලපැවැත්වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
